
(සුජිත් හේවාජුලිගේ )
එළඹෙන උත්සව සමයේදී කොළඹ නගරයේ සෞඛ්‍ය නීති කඩකරමින් කටයුතු කරන ජනතාව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.
විශේෂයෙන්ම මුව ආවරණ නොපළඳින සහ පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු නොකරන පුද්ගලයන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙන බව කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවසීය.
මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පොලිසියේද සහය ලබාගන්නා බව සඳහන් කළ හෙතෙම උත්සව සමයේදී කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දුම්රියේ තෙරපෙන එක සහ ඒකට ඉඩ සලසමින් දුම්රිය වාත කරන එක හරිද?
මාධ්‍ය සාකච්ඡාවකදි වෛද්‍ය රුවන් විජයමුණි මහතා හමුවුණාම අහන්න දැන් කොළඹ නගරයේ ගැවසෙන මිනිස්සුයි බස්වල කෝච්චිවල යන මිනිස්සුයි දුරස්ථභාවය ආරක්ෂා කරගෙනද යන්නෙ කියල... මේක අපිට අහන්න විදියක් නෑ. ඇයි මේ ප්‍රවෘත්තිවලයි උපදෙස් පත්‍රිකාවලයි විතරක් මේව තියෙන්නෙ. වෛද්‍ය විජයමුණි දන්නෙ නැත්ද දැනට බිම් මට්ටමේ තියෙන තත්ත්වය..
නොමිලේ ඇන්ටිජන් කරා නම් හොඳයි.නැත්නම් ඒකෙනුත් ජනතාව අපහසුතාවයට පත් නොකර