
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71ක් දෙනෙකුට ඩෙංගු වැලඳී ඇති අතර, සිසුන් 5 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසයි.
වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් බහුතරයක් ශාස්ත්‍ර පීඨයේ වන බැවින් ඔවුන්ගේ අධ්‍යන කටයුතු පිළිබඳව අවධානය යොමුකරමින් සතියක කාලයක් පීඨ කිහිපයක දේශන කටයුතු පමණක් ඔන්ලයින් සහ හයිබ්‍රිඩ් ක්‍රමයට සිදුකිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කළ බවද උපකුලපතිවරයා සඳහන් කළේය.
ඩෙංගු ව්‍යාප්තිය හමුවේ විශ්වවිද්‍යාලය මඟින් එම තත්ත්වය පාලනයට පියවර ගණනාවක් ගෙන ඇති බවත්, රෝහල්ගත කළ සිසුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් පරීක්ෂා කරමින් කටයුතු කරන බවද මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd