
(යොහාන් භාසුර)
කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථ වාහන තදබදයට පිළියම් ලෙස රුපියල් කෝටි 800 ක් වැය කරමින් ගුවන් පාලම් හතරක් වසරක් තුළ ඉදිරිකිරීම මහාමාර්ග අමාත්‍යංශය සැළසුම් කර තිබේ.
මෙම වැඩසටහන යටතේ කොම්පඤ්ඤවීදිය දුම්රිය මාර්ගය හරහා විනිසුරු අක්බාර් මාවතේ ගුවන් පාලමක් ද, උත්තරානන්ද මාවතේ ගුවන් පාලමක් ද, එම ගුවන් පාලම් දෙක සම්බන්ධ කිරීම සඳහා තවත් ගුවන් පාලමක් ද ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඊට අමතරව බේරේ වැව සහ කොම්පඤ්ඤවීදිය හරහා බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ ගාර්ඩිනියා මාවත සම්බන්ධ කරමින් ගුවන්පාලමක් ද ඉදිකිරිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විනිසුරු අක්බාර් මාවතේ ඉදිකරන ගුවන් පාලම දිග මීටර 207 ක් සහ පළලින් මීටර 8.4 කින් යුක්තය. උත්තරානන්ද මාවතේ ඉදිකරන ගුවන්පාලමේ දිග මීටර 396 ක් වන අතර එහි පළල මීටර 10.4 කි. මෙම ගුවන් පාලම් දෙක එකිනෙක සම්බන්ධ කිරීම සඳහා ඉදිකරන ගුවන්පාලමේ දිග මීටර 310 කින් සහ පළල මීටර 6.9 කි. මෙම පාලම් තුන සඳහා රුපියල් මිලියන 5270ක් හෙවත් රුපියල් කෝටි 527 ක් වැය කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම නවත්තලා කැලණිය කැම්පස් එක ළග ඉඳන් මහර හංදියට එකක් ගැහුවනම් කෝටි ගානක් සල්ලි,මිනිස්සුන්ගේ කාලය ඉතිරි කරන්න පුළුවන්..ඔක්කොම ගහන්නේ ලොක්කො එහා මෙහා යන පාරවල් වලට විතරයි..පුදුම සැලකිල්ලක් තියෙන්නේ රාජගිරිය වගේ පැති වලට...ඒවට කවුරුත් විරුද්ධ වෙන්නෙත් නෑ...හරියට අර වාහන පර්මිට් එකට කට්ටිය සද්ද නෑ වාගේ.
විශිෂ්ඨ කර්තව්‍යයක්... ගොඩක් හොඳයි..
උත්තරනන්ද පාරේ ඔච්චර ඉන්න දෙයක් නෑ . හිටියත් වැව දිහා බලාගෙන සන්සුන්ව ඉන්න පුළුවන්. මේ පාර අතුරු මාර්ගයක් පමණයි. කොම්පන්න වීදිය් සහ උත්තරානන්ද පාරවල් වෙනුවට මහරගම සහ ගම්සභා සහ දෙල්කඳ හන්දිවල හදනවනම් වඩා හොඳයි. මහරගම හන්දියත් නන්නත්තාර හන්දියක්. හයි ලෙවල් පාර මෙම හන්දිය මගහැර ගුවන් පාලමකින් යන අතර පමුනුව පාරේ සිට පැලවත්ත පැත්තට දෙසටත් අතුරු ගුවන් පාරකින් උඩින් ගොසින් වාහන පහලට පත බානවානම් හොඳයි.