( සුජිත් හේවාජුලිගේ )
මේ දිනවල කොළඹ රැදී සිටින්නැයි ආණ්ඩුවේ හා විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.
මීට අමතරව විදේශ සංචාර යාමෙන්ද මේ දිනවල වැළකී සිටින්නැයිද ඔවුන්ට දැනුම් දී ඇත.
පවත්නා දේශපාලන තත්ත්වය හමුවේ ඒ ඒ දේශපාලන පක්ෂවල කටයුතුවලට සක්‍රීය දායකත්වය ගැනීම සඳහා පක්ෂ නායකන් මෙසේ උපදෙස් දී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
විදේශ ගතවී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද ඉකුත් දා හදිසියේම මෙරටට කැඳවා තිබිණි.
පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සඳහා දිනපතා මාධ්‍ය සාකච්ඡා පවත්වන්නැයිද පක්ෂ නායකයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙමත් හිටියේ කොළඹනේ...
අර ඩොලර් ගත්තා කියලා සමහරු කියන කීපදෙනෙක්ම දැනටම ගිහිල්ලා කියලා ආරංචි වෙනවා.
දුමින්ද, අලගියවන්න, වසන්ත දැන් ඉන්නේ පිටරට කියල හිටපු ජනාධිපතිනිය කියල තියෙනවා. ඒගොල්ලෝ එනකල්ද දන්නේ නැහැ 14 වෙනිදට වැඩේ කල් ගියේ. ආවේ නැත්තන් තමයි වැඩේ.
ගෙම්බා වගේ අනිත් පැත්තට පැනපු වසංගත මහත්තයා නම් මේ දවස් වල ඉන්නේ රට නේද?