
(යොහාන් භාසුර සහ ශාන්ත පී බණ්ඩාර)
නායයෑමේ අවදානම හේතුවෙන් වසා තිබෙන කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් හෙට (15) පෙරවරුවේ පැවැත්වෙන බවත් හෙට මධ්‍යහන 12.00 ට පෙර මාර්ග විවෘත කළ නොහැකි බවත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා අද (14) පස්වරුවේ පවසයි.
එම තීරණාත්මක සාකච්ඡාව අද පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිත වීම නිසා මධ්‍යහන 12.00 ට පෙර මාර්ග විවෘත කළ නොහැකි බව කී කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා මාර්ගයට ප්‍රශ්නයක් නොමැති වුවද ඉහළ කන්දේ අවදානම තව දුරටත් පවතින බව ද සඳහන් කළේය.
එම සාකච්ඡාවට ජාතික ගොඩනැගිලි පරේෂණ ආයතනය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල යන ආයතන ඇතුළු ආයතන රැසක නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිත බවත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය වහා ඉදිකල යුතුව ඇති නමුත් වට මේසයට සහභාගී වන ටයි පටි බැඳගත්ත යට මේ සඳහා දැනුම නැත ,තාක්ෂණයද නැත .කළයුතුව ඇත්තේ මොරටුව ,පේරාදෙණිය විශ්ව විද්‍යාල සහ විදේශ උපදේශක සමාගමක් එක්ව මාර්ගය නැවත නිර්මානය කර ඉදිකිරීම පමණයි