
(සමන් පාලිත නානායක්කාර)
පවතින වර්ෂාව සමඟ අද (22) කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයට 179 / 5 බෝක්කු කණුව අසල ප්‍රදේශයේදී ගල් කුළු කඩා වැටීමේ අවදානමක් පවතින බව හල්දුම්මුල්ල පොලීසිය පැවසීය.
මෙම කඳු මුදුනේ විශාල ගල් ඇන්දක කොටස් විටින් විට ගැලවී මාර්ගය මතට පතිත වන බවත් මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම ස්ථානයේ ගල් කොටස් කැඩී මාර්ගය මතට පතිත වී තිබූ බවත් මෝටර් රථයකට ගල්කුළු වැටී මීට පෙර අනතුරක් සිදුවී තිබෙන බවත් ප්‍රදේශවාසීහු පැවසූහ .
මේ අතර කොස්ලන්ද වැල්ලවාය මාර්ගයේ දෙසීය දෙකෙන් තුන බොක්කු කණුව අසල ප්‍රදේශයේ ඉකුත් දින සිදුවූ නාය යාම වැස්ස සමග තවදුරටත් සක්‍රීය වී පවතින බැවින් එම ස්ථානයෙන් ගමන් ගන්නා රියදුරන්ද විමසිලිමත් විය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
2025 දෙසැම්බර් මස 04
232
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොළඹ-බදුල්ල මඟටත් හල්දුම්මුල්ලෙන් ගල් කුළු වැටෙයි