
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකව වීරරත්න)
කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ළමයි තිදෙනකු ස්ථාන භාර ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විසින් පසුගිය 4 වැනිදා සෙනසුරාදා බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කරනු ලැබ ඇතැයි තොරතුරු වාර්තා වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
විදුහල්පතිවරයා සහ ආචාර්යවරුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බව පැවසූ විපක්ෂ නායකවරයා අපයෝජනයට ලක්වූ එම දරුවන් වෛද්‍යවරයෙකුට පවා ඉදිරිපත් කර නැති බව සඳහන් කළේය
මෙම අපයෝජනය කළ පාපතරයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැතැයිද ඔහු කීවේය.
ගුරුවරුන් දෙදෙනෙකු මේ සිද්ධිය ගැන විදුහල්පතිවරයාගේ අවධානයට යොමු කළ අවස්ථාවේදී ඔහු ඔවුන්ට තර්ජනය කර ඇති බවට තොරතුරු වාර්තා වන බවත් උසාවි ගාණේ රස්තියාදු වේවි යැයි පවසමින් මවුපියන් බිය ගැන්වීමක්ද එහිදී සිදුවී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමටද කැඳවීමක් තිබෙන බව ඔහු කීවේය.
සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුවා සේම දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවද
සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන්නැයිද විපක්ෂ නායකවරයා මෙහිදී රජයෙන්ඉල්ලා සිටියේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ දරුවන්ට සිදුවන හිංසන වලට එරෙහිව රජය දැඩිව කටයුතු කරන බවයි.
දරුවන් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා බව පැවසූ අමාත්‍යවරයා මේ කාරණය ගැන පොලිසියේත් අධ්‍යාපන අමාත්‍යාංශයේත් විශේෂ අවධානය යොමුවී ඇතැයි සඳහන් කළේය
මෙවැනි සිදුවීම් රජය සුළු කොට නොතකන බවද ඔහු සඳහන් කළේය.
එසේම මෙවැනි සිද්ධීන් දරුවන් අපහසුතාවයට පත් නොවන ආකාරයට වාර්තා කිරීමට මාධ්‍යයටද වගකීමක් තිබෙන බව නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර විදුහල්පතිවරු සහ දෙමවුපියන් අපචාර වුනහම අපකීර්තිය ගැන බලනවා විනා අපචාරයට ලක්වුණු දරුවන් ගැන බලන්නේ නැහැ. කලිනුත් විදුහල්පතිකෙනෙක් අහු වුනා මේ වගේම දෙයක් කරලා. ඇත්තටම වන්න ඕන දරුවන්ට ප්‍රමුඛතාව දීලා පරීක්ෂණ පවත්වා අපචාරකයන්ට දඬුවම් දීම. දෙහිවල පැත්තේ පොඩි දැරියක් සියදිවි හානිකරගත්තා අපචාරයක් නිසා. ඒ නිසා මේ සම්බන්ධයෙන් තදින් නීතිය ක්‍රියාත්මක කල යුතුයි
මේවා ගැන පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් විපක්ෂ නායකයා මොනවාද බලාපොරොත්තු වෙන්නේ දේශපාලන වාසියක් ලබා ගන්න උත්සාහ කරනවාද කියලා ප්‍රශ්නයක් වෙනවා... මේ වගේ තමන්ට ලැබෙන සංවේදී කරුණු ගැන අදාල ඇමැතිවරයා දැනුවත් කර ඔහුගෙන් සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටීම නොවෙයිද විපක්ෂ නායක කළයුතු වන්නේ කියලා ප්‍රශ්ණයක් පැන නගිනවා. එහෙම නැතුව ඒ ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම තුළින් සමාජයේ වැඩි අවධානයක් එයට යොමු වීමෙන් ඒ දරුවන්ට වන හානිය තවත් බරපතල වෙනවා නොවේද? විපක්ෂ නායකවරයාට නම් ඊට පස්සේ තමන් වැදගත් සමාජ ප්‍රශ්නයක් කතා කෙරුවා කියලා පොර මානසිකත්වයෙන් ඉන්න පුළුවන් වෙයි...
මම නම් කියන්නේ ඔහොම වෙලා මදි. ඔය සජිත්ගෙයි, රනිල්ගෙයි, මහින්දගෙයි කට්ටියනේ... ළමා හිංසන වැළක්වීමේ පනතට එළියේ මහා බොරු ප්‍රචාරයක් ගෙනියන්නේ. දැන් ඉතිං පනතට විරුද්ධ නම්, ඔය වෙච්චි දේට කටවහගෙන හිටපල්ලා. විදුහල්පතිතුමා කිව්වොත් ඕක ලිංගික අපරාධයක් නොවේ. ගුරුවරයෙක් දුන්නු දඩුවමක් කියලා, ගුරුවරු ළමයින්ට ගැහුවාට, නිග්‍රහ කළාට, බැන්නාට කමක් නැහැ කියන තර්කය අනුව විදුහල්පති, ගුරුවරු ඔතැන වරදක් කරලා නැහැ කියන තර්කය සාධාරණයි. මමත් සජියාට, රනිල්ට ඡන්දය දීලා තියෙනවා. ඒ වුණාට NPP බැරි නම් ඕනෑම එකෙක් හරි පනතක් ගේනවා නම්, විරුද්ධ පක්ෂය කොහොමද විරුද්ධ වෙන්නේ... ඕක කොච්චර හොද පනතක්ද? දැන් ඉතිං කටවහගෙන පූජකවරු, ගුරුවරු අතින් වෙන ඒවා ගැන කියවන්න එන්න එපා...
සජියා හොද නිව්ස් කියවන කෙනෙකුට.. ඔහොම්ම ඉදං යූටියුබ් නිව්ස් කියවන තනතුර දුන්නා නම් හරි ඉතුරු ජීවිත කාලේ හොරා නොකා රස්සාවක් කරලා කීයක් හරි හොයාගන්න.. කෝමද! මෙන්න පුවත් ප්‍රකාශය සජිත් පේමදාස... පාසල් 3ක ළමුන්ට...
බෝඩිං ඉස්කෝල, පන්සල් සහ පල්ලි වලින් නිර්නාමිකව විස්තර ඉල්ලුවොත් දැනගන්න පුළුවන් වෙයි මෙම අපචාර ලංකාවේ කෙතරම් සුලබද යන්න...
ඔහු පරිපාලකවරයෙක් මිසක් විදුහල්පතිවරයෙක් ලෙස කිසිම පලපුරුද්දක් නැති පුද්ගලයෙක්. පළමුව ඔහුව පාසලෙන් ඉවත් කල යුතුයි.
මෙහිදී වැඩිහිටියෙක් හැටියට ඉක්මණින්ම කළයුතුව තිබුණේ... අදාල නිලධාරීන් හා කාර්යාංශයන් දැනුවත් කිරීම මිස ප්‍රවෘත්ති පලකිරීම නොවේ. රටේ අනාගත පරපුරේ සුබසාධනය පළමුකොට... දෙවනුව තමතමන්ගේ සුබසාධනය... අනාගත පරපුරක් නැතිව අනාගත පාලකයින්ගේ පැවැත්මක් නැත.