
(මුදිතා දයානන්ද)
කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ස්ථාන දහ නවයකින් රථ වාහන ගාල් කිරීමේ ගාස්තු අයකිරීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට තීරණය කළ බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසයි.
නීති විරෝධී ලෙස විවිධ පුද්ගලයන් මෙම ස්ථානවල ගාල් කරන රථවලින් ගාස්තු අය කරන බවට ලැබුණු පැමිණිලි අනුව මෙම තීරණය ගත් බව ඇය සදහන් කළාය.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන යථාවත් කරන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක වන බවද ඇය සදහන් කළාය.
මෙසේ රථ වාහන ගාල් කිරීමේ ගාස්තු අයකිරීම අත්හිටුවා තිබෙන්නේ ගාලු පාර ඩුප්ලිකේෂන් පාර හා වැල්ලවත්ත නගරය අවට සියලු මාර්ග, මැලේ වීදිය,ජාවත්ත පාර, දෙමටගොඩ සුපර් මාර්කට්, ලොන්ඩ්‍රි වත්ත, නවම් මාවත, ඩී.එන්. ෆොන්සේකා මාවත, බැස්ටියන් මාවත, මුත්තයියා පාරේ, අන්දිවල් මාවත, මැගසින් පාර, ආනන්ද විද්‍යාලය අසල ටෙම්පල් පාර, ජයන්ත වීරසේකර මාවත, පහළ චැතම් වීදිය, මොහොමඩ් ෂේන් මාවත, පළමු හරස් වීදිය, කිවු පාර, ඩෝසන් පාර, මූදලිගේ මාවත හා ක්‍රිස්ටි පෙරේරා මාවතයි.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ නගරයේ තැන් 19 පාකින් ගාස්තු නතර කරයි