
(යොහාන් භාසුර)
කොළඹ මහ නගර සභාවේ නාගරික කර්මාන්තශාලාවේ නිලධාරීන් සහ සේවකයන් පසුගිය වසරේ නීති විරෝධීව රුපියල් ලක්‍ෂ 8කට ආසන්න මුදලක් (රුපියල් 779,704) අතිකාල දීමනා ලෙස ලබාගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය විගණන වාර්තාවකින් පවසයි.
ජාතික විගණන කාර්යාලය කොළඹ මහ නගර සභාවේ නාගරික කර්මාන්තශාලාවේ නිලධාරීන් සහ සේවකයන්ගේ පසුගිය වසරේ (2024) වැටුප්, අතිකාල දීමනා හා නිවාඩු දින වැටුප් ගෙවීමට අදාලව කළ විගණන පරීක්‍ෂාවේ දී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
ඇඟිලි සලකුණු යන්ත්‍ර වාර්තාවට පටහණිව ‘චෙක් රෝල්’හි පැමිණීමේ දිනයක් ලෙස වාර්තා කර රුපියල් 393,594 ක්, ඇඟිලි සලකුණු යන්ත්‍ර වාර්තාවට පටහැණිව රුපියල් 247,567 ක්, වැටුප් රහිත නිවාඩු ලබාගෙන ඇති අවස්ථාවල රුපියල් 96,101 ක් සහ ඊට පෙර සිකුරාදා සහ පසුදින සඳුදා දිනවල සේවය නොකර සෙනසුරාදා හා ඉරිදා යන දිනවල රුපියල් 42,442 ක් ලෙස මෙලෙස නීති විරෝධීව රුපියල් 779,704 ක් අතිකාල ලෙස ගෙවා ඇතැයි විගණන වාර්තාව පවසයි.
2025 දෙසැම්බර් මස 04
592
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
505
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොළඹ නගර සභා කර්මාන්තශාලා සේවකයන් හොර අතිකාල අරගෙන