(සුජිත් හේවාජුලිගේ )
සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව කොළඹ ,කුරුණෑගල සහ මහනුවර යන ප්‍රදේශවලින් ලැබුණු සාම්පලවල වෙනස්ම වෛරස් ප්‍රභේද තිබී හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ත වේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජිවන්දර මහතා පවසයි.
එම වෛරස වල එස් ජාන (ප්‍රෝටීන )හඳුනා ගැනීමේ අපහසුතා ඇතිවූ බවත් මෙම වෛරස බොහෝ දුරට බ්‍රිතාන්‍යයේ පැතිර ඇති වෛරස ප්‍රභේදයට බොහෝ දුරට සමානකම් ඇතැයි සැක කෙරෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
රටේ ව්‍යාප්ත වී ඇති වෛරස් ප්‍රභේදයේ යම් විකෘතිතාවයක් දක්නට ඇති බවත් වෛරසය සීඝ්‍ර ව්‍යාප්ති ලක්ෂණ පෙන්නුම් කිරීම කැපී පෙනෙන බවත් ආචාර්ය ඡීවන්දර මහතා කීය.
ලංකාවේ පැතිර පවතින්නේ සත්‍යයෙන්ම බිතාන්‍ය ප්‍රභේදයද එසේ නැතිනම් ලංකාවේ ප්‍රභේදය වෙනස්කමකට භාජනය වීමක් ද එසේත් නැතිනම් මෙරටදීම නිර්මාණය වූ ප්‍රභේදයක්ද යන්න සොයා බලන බව කී ආචාර්ය වරයා මෙරට ඉන්දියානු වෛරස ප්‍රභේදය පැතිර ඇතැයි මෙතෙක් තහවුරු වී නැතැයි ද පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආචාර්යතුමනි ඕක අලුත් ප්‍රභේදයක් නම් බයියන්ගේ පොහොට්ටු වෛරසය කියලා නම් කරමු.
හමුදාපතිතුමා ඊයේ කියනවා අලුත් ප්‍රභේදයක් හමු වුනොත් රට ඉඳලා එන අයට දැඩි නීති දානවා කියලා... ඔන්න අදම කියනවා අලුත් ප්‍රභේදයක් හමුවුණාය කියලා. හෙට නැත්තම් අනිද්දා කියයි රට ඉඳලා එන හැමෝම හොටල් වල මුදල් ගෙවලා නිරෝධායනය අනිවාර්යයි කියලා...
ලංකාවේ පර්යේෂණ කරන්නේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විතරද? විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් ඉහළ අනෙක් විශ්ව විද්‍යාලවල මතයට ඉඩක් නැද්ද?
බයියන්ගේ පොහොට්ටු, වෛරස් කියලා කියන්න එපා.. ඕකටත් අර ගුවන් තොටුපලට, ක්‍රීඩා පිටිවලට දමපු අපේ නායකතුමාගේ නමම දාමු. ඕක මේඩ් ඉන් ශ්‍රී ලංකා නම් කාටද ආඩම්බර..?