(සුජිත් හේවාජුලිගේ )
අධික ආහාර උද්ධමනය නිසා කොළඹ ඇතුළු ඒ අවට තදාසන්න ප්‍රදේශවල ජීවත්වීමේ අපහසුතාවය හේතුවෙන් යම් යම් පිරිස් පිට පළාත්වලට සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බව පළාත් පාලන ආයතන ආරංචිමාර්ගවලින් පැවසේ.
එසේම සමහරුන් පිට පළාත්වලින් ඉඩම් මිලදී ගෙන වගා කටයුතු සඳහා පෙළඹී සිටින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ පිට පළාත් වලට සංක්‍රමණය වන පිරිසෙන් වැඩි දෙනෙක් නාගරික ප්‍රදේශයන්හි වගා කටයුතු සඳහා ඉඩකඩ නොමැති ඉඩකඩම්වල පදිංචිව සිටින අය වෙති.
සමහරුන් මෙසේ පිටව ගොස් ඇත්තේ කොළඹ තම නිවාස කුලියට ලබා දීමෙන් පසුවය.
මේ අතර කොළඹ ආහාර උද්ධමනය සියයට 70 දක්වා ඉහළ නැග ඇතැයි වාර්තා වේ.
දර කෑල්ලේ සිට සෑම දෙයක්ම වෙළඳපොළෙන් මිලදී ගැනීමට සිදුව ඇති හෙයින් කොළඹ ජීවත්වීම ඉතා දුෂ්කර බව පිට පළාත්වලට සංක්‍රමණයවූ පිරිසක් පැවසූහ.
විශේෂයෙන්ම මහල් නිවාසවල ජීවත්වන පිරිස්වලට මේ ප්‍රශ්නය දැඩිව බලපා ඇතැයි ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd