( කාංචන කුමාර ආරියදාස)
කොළඹ ප්‍රදේශයේ ඇඳිරි නීතිය නිසා කොටුවී සිටින මහජනතාවට බෙදාදීම සඳහා යුද හමුදාව වෙත එළවළු කිලෝ ලක්ෂ එකහමාරක ප්‍රමාණයක් නොමිලේ ලබාදීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරික මහතෙකු අද 20 දින කටයුතු කළේය.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ඉල්ලීමක් පරිදි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු වූ පී .ජි . එස් .පියසේන ගමගේ ව්‍යාපාරික මහතා තම පෞද්ගලික ධනයෙන් මෙලෙස එළවළු කිලෝ 150,000 ක ප්‍රමාණයක් සිය ව්‍යාපාරිකයන් ගේ සහයෝගය ඇතිව මිලදීගෙන යුධ හමුදාව වෙත බාර කිරීම සිදු කෙරිණි.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සමඟ 19 දින රාත්‍රියේ සාකච්ඡාකොට එළවළු මිලදී ගැනීම ආරම්භ කළ බවත් මෙම හේතුවෙන් විශාල වශයෙන් පහළ ගොස් තිබූ එළවළු මිල ද යම් මට්ටමකින් ඉහළ ගිය බවද එළවලු විකුණා ගැනීමට නොහැකිව අසරණ වී සිටි ගොවීන්ට මෙන්ම එළවලු ලාබාගැනීමට නොහැකිව සිටින ජනතාවට සහනයක් ලෙස මේ කටයුතු සිදුකල බව හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා එළවළු පැටවීමේ අවස්ථාවට එක්වෙමින් සඳහන් කළේය.
පියසේන ගමගේ මහතාගේ මූල්‍ය පරිත්‍යාගයෙන් මෙම එළවළු කිලෝ 150000 ක ප්‍රමාණය වෙළෙඳ සංගමයේ සාමාජිකයන් විසින් ලබාගෙන දඔුල්ල ගම්උදාව ක්‍රීඩාංගණයට රැගෙන ගොස් යුද හමුදාව වේ වාහන වලට ඒවා පැටවීම සිදු කරනු ලැබූහ.
මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදාවේ හතරවෙනි සේවා බලඇණියේ අණදෙන නිලධාරි ලුතිනල් කර්නල් කපිල නොල්ටන් මහතා කියා සිටියේ වීයාපාරික මහතා විසින් පරිත්‍යාග කළ එළවළු කිලෝ 150000 ක ප්‍රමාණය කොළඹ මූලස්ථානයට රැගෙන ගොස් කොළඹ අවට ප්‍රදේශ වල ඉන්න ජනතාවට යුද හමුදාව හරහා නොමිලේ ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශාල වශයෙන් එළවළු තොග මිල පහත වැටී මිලදී ගැනීමට පිරිස් නොමැතිව සිටින අවස්ථාවක ලැබුණු එළවළු තොග වලින් කිලෝ 150000 ප්‍රමාණයක් මිලදී ගැනීම හේතුවෙන් අනෙකුත් එළවලු ද්‍රව්‍ය ද යම් මට්ටමකින් ඉහළ ගොස් ගොවියාට සාධාරන මිලක් හිමිවීම විශේෂත්වයකි.
එළවළු මිලදී ගෙන යුද හමුදාව වෙත පරිත්‍යාග කිරීමේ කටයුත්ත සිදු කළ පියසේන ගමගේ ව්‍යාපාරික මහතා අදහස් දක්වමින් කියා සිටියේ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා තමාගෙන් කළ ඉල්ලීම අනුව ව්‍යාපාරිකයෙකුගේ යුතුකම වගකීම තමා ඉටුකළ බව ය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොළඹ ඇඳිරියෙන් සිරවුවන්ට බෙදන්න එළවළු කිලෝ ලක්ෂ එකහමාරක් හමුදාවට
M. R. Deen Monday, 20 April 2020 11:59 AM
ඉතාමත් උතුම් සත්ක්‍රියාවක්...
Champa Monday, 20 April 2020 12:39 PM
හොඳ වැඩක්.