
(ඩයනා උදයංගනී)
කොරෝනා ආසාදිතයන් ඉහළයාම හේතුවෙන් කළුබෝවිල රෝහලේ ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.
එහි කොවිඩ් වාට්ටුවේ එක් ඇඳක් මත රෝගීන් කිහිප දෙනෙකුම ප්‍රතිකාර ලබන බවත් වාට්ටුවේ බිම මෙන්ම ඉන් පිටත එළිමහනේ ද රෝගීන් රඳවා ඇති බවත් එම රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීහු පවසති.
කාර්ය මණ්ඩලය හැකි උපරිමයෙන් රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන නමුත් එම කාර්ය මණ්ඩල රෝගීන්ට උපස්ථාන කිරීමට ප්‍රමාණවත් නොවන බව ද ඔවුහු සඳහන් කරති.
මේ හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටින බව ද වාර්තා වේ.



(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)




(බී.ජානක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපේ සෞඛ්‍ය ඇමැති? වහාම ඉල්ලා අස්වෙන්න ඕනෑ. සිරිසේන විකාර කළා තමයි... ඒත් මෙහෙම අනාගත්තේ නැහැ.
මේ තත්වය උදාවෙන බව රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍ය ඇමතිතුමා කිව්වේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ. එතුමාත් කිව්වා සෞඛ්‍ය අංශයේ විද්වතුනුත් කිව්වා. හේතුව තමයි නිසි වේලාවට රට ලොක්ඩවුන් නොකර වසංගතය පැතිරෙන්න ඉඩ දීම සහ එන්නත ගෙනත් විදිනවා වෙනුවට පැණියට අනුග්‍රහ දැක්වීම සහ කලගෙඩි නැටුම් නැටීම. දැන් මේක නවත්වන්න අමාරුයි. වසංගතය පාලනයෙන් ගිලිහිලා ඉවරයි.
ලෝකයේ අනෙක් රටවල් කොරෝනා රෝගයෙන් පීඩාවට පත්වෙලා හිටපු අවස්ථාවල ලෝකෙන් උතුම් රටට වසංගතය නොපැමිනේ යයි සිතා කයිවාරු ගහපු ජනතාවට අද අත් වෙලා ඇති ඉරණම තමයි මේ.
කොහොමද යුක්රේනයෙන් ආපු අයගේ ප්‍රතිඵල...
පෙළපාලි සහ උද්ඝෝෂණ පැවැත්වීමට ඉඩදීමේ ප්‍රතිඵලත් හෙට අනිද්දා එළියට ඒවි...
බද්රානි මහත්මිය කියා ඇති දේ සම්පූර්ණ සත්‍යයයි. ගිය අවුරුද්දේ ඉතාලියට අපේ ලංකාවේ අය කරපු නින්දා අපහාස අනන්තයි. අපි කොහේ සිටියත් මව් රටට සැබවින්ම ආදරෙයි. නමුත් අද අපේ රටට වෙලා තියෙන තත්වය ගැන අපට හරිම කණගාටුයි. ඔය කයිවාරු හා උඩඟුකම් කිසිසේත්ම සුදුසු නැහැ. එදා මේ රටවල් වලට කළ අපහාස තමයි අද අපේ රටට අත්වෙලා තියෙන්නේ. බුදුන්ගේ දහම සත්‍යයි.
අර ඇඳන් 10000 කොහේද දන්නේ නැහැ.
අඩු ගානේ මේවාවත් දැකලා, මහා පාරේ මී හරක් වගේ ගමන් කරමින් විරෝධතා පවත්වන එක නවත්වපල්ලා...
අට පාස් මහාචාර්යලා, හට්ටි මුට්ටියාරච්චිලා, හොඳටම කරපු සර්ලා,.. ඔය ඉස්පිරිතාලෙ ලෙඩුන්ගේ සුව දුක් බලන්න ගිහින් නැතෙයි..?