
(සුමිත් පොතුපිටිය,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ තුසිත ද සිල්වා)
කළුතර බාලිකා විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් සිසුවියක වන ටිහාරා නිර්මානි නිශ්සංක සිල්වා යන දැරිය පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියයාම සම්බන්දයෙන් සොයමින් සිටී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලිසිය සමත්ව තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ඉසුරු උයනේ පදිංචි 29 හැව්රිදි පුද්ගලයකු බව සදහන්වේ .
සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැගව සිටින බවට කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාට ලද තොරතුරක් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පිරිසක් ගාල්ල ප්‍රදේශයේ දී අද අලුයම වැටලීම කර ඇතැයි පැවසේ.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට නියමිත බවද සදහන් වේ.
කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැටලීම සිදුකර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවෙන් පිරුණු, පව්කාරයන් පමණක් ඉපදෙන රටකි මේ. පින් කිරීම යනු එක් කොටසකට පමණක් තමා සතු දේ දන් දීම කියමින් කොටසක් මිනිසුන් මුලා කරමින් බුදුදහම විකුණාකමින් බොරුවෙන්ම කල් ගෙවති. මෙයම ධර්මය යැයි සිතමින් මිනිසුන් දන් දිදී පව්කාර ජීවිත ගත කරති. සසරේ දුක්ඛිතම මිනිස් උප්පත්ති ගතකරන්නේ බුදුදහමේ කාන්තාරයක් වු ලාංකිකයෝය.
හිරේ සිටින මිනිසුනේ…. මේ කාමුක තඩියාට අහවල්දෙය පෝලිමක් දමා කරමින් හොදට සංග්‍රහ කරන්න.
මෙහිදී තඩියා බේරෙන්නට බොහෝ ඉඩ ඇත. ළමයාව එක්කරගෙන ගියේ එයාගේ යාළුවා. හෝටලයට ඇතුල්වුනේ සාමූහිකව. ලිංගික අපරාධයක සේයාවක් නැත්නම්, දත් පාරවල් පමණක් ඇත්නම්, ළමයා ඇතිවූ තත්වයට බියෙන් පහලට පැන ඇත් නම්, තඩියා කර ඇත්තේ රිය පැදවීමත් අරක්කු බීමත් පමණි. මෙය වරදක් නොවේ. සහගහන අපරාධයක් නීතිය ඉදිරියේ වරදකරුවකු නොමැතිව විසදීමට බොහෝ ඉඩ ඇත.
ඇයි ඇල්ලුවේ අර විශිෂ්ට ප්‍රතිකාර සේවාව නේද දෙන්න තිබුනේ .අත් බෝම්බයක් දමා ගැසීමට සූදානම් වූවා .ආත්ම ආරක්ෂාවට වරුසාවක් වැස්සවූවා
මේ ආදායමට හෙනම ගහන්න ඕනේ
ඇයි එයාගේ නම ප්‍රසිද්ධ කරන්න බැරි .දේශපාලකයකුගේ හෙන්චයියෙක් නිසාද
ආයුධ සොයා ගැනීමට ඔහුව යවන්න
ඇලියෙකුට යටඋනොත් මනුස්සයෙක් ඉතුරු වෙයිද?
අවි ආයුද පෙන්වන්න රැගෙන යන්නෙ නැද්ද?
ව්‍යාපාරිකයෙක් සහ සල්ලාලයෙක් බැවින් මුදල් යහමින් සහ විවිධ බලවත් සම්බන්දකම් රැසක් ඇති එනිසාම ගැලවෙන විදිහ දැනටමත් දන්නවත් ඇති.මම එපා කියද්දී එකවරම දුවගෙන ගොස් එයා ජනේලයෙන් පැන්නා........ මම එයත් සමග ලිංගික සම්බන්දයකට නොව ඉගෙනීමට උදවු කරන්න කියපු නිසා අධාරයක් කරන්න හමුවුනේ...... එහෙමත් නැත්නම් මම හොදටම බිමත්ව සිටි නිසා කිසිවක් මතක නෑ...... වැනි ඉහල නීති උපදෙස් දැනටමත් ලැබිලා ඇති. ඒ ඔය ලෝකයේ උතුම්ම රටේ හැටි. එහෙත් මේ සල්ලාලයා මිනීමරුවා රටටම පිළිකාවක්. වහා මේ පිළිකාව ඉවත් කරන්න......
මරලම දාන්න ඔනෙ ඔය කාලකන්නි පෙරේතයව
මේ මිනිහා සියලු චෝදනා වලින් නිදහස් වෙනවාට මෙන්න කැට..
මාතෘකාවෙ කියන්නෙ සිසුවියගේ ඝාතකයා කියල. නමුත් අන්තර්ගතෙයෙ කියන්නෙ ප්‍රධාන සැකකරු කියල. අහ් මට වරදුන, ලන්කාවෙ ඔක්කොම පිරිමි ඝාතකයා කියල මට අමතක උනා. ස්මාවන්න !!!
නීතිය හදන, නීතිය රකින සහ නීතිය ක්‍රියාත්මක කරන තැන් වල ඇති වැරදි නිසා මෙවැනි අපරාධ කරුවන්ට දඬුවම් ලැබීමට ගතවන කාලය, ලැබෙන දඬුවම ඉතා ලිහිල් නිසාත්,මේ වගේ අපරාධ කරුවන්ට නිසි දඬුවම් නොලැබීම නිසා අදත් අනාගතයේත් මෙවැනි අපරාද සිදුවේවි. මේ දවස් ටිකට, පාසැල් ගුරුවරු, ප්‍රින්සිපල් ල, ව්යාපරකියින් විසින් දරුවන්, දැරියන් සෑහෙන ප්‍රමාණයක් අපයෝජනය කරලා දැම්ම. අවසානයේ මේ 16 හැවිරිදි දැරිය ? රටේ මිනිස්සු බදු ගෙවල මේ ආයතන නඩත්තු කරන්නේ රටේම යහපත ට මිසක මේ වගේ සල්ලලයින්ගේ යහපතට නොවේ. මේ පාපතරයාට මාසයක් දෙකක් ඇතුලත දඬුවම් ල්බේද ? නැතිනම් අවුරුදු 30-40 ක් යාවිද ?
දැන් පත්තරේ නඩුව අහලා ඝාතකයා නම් කරලත් ඉවරයි වගේ
ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගේන ඇමතිකමක් දෙන්න
දැන් තියෙන්නේ මේ මිනිහගේ දත් සැට් එක ගලවලා, අර මරුන කෙල්ලගේ ඇඟේ තිබුන දත් පාරවල් වලට ඒවා සමානද කියලා බලන එක.
කකුල් දෙකේ ඌරෙක් දැක්කමයි.
මෙතන කවුරු මොන විදිහේ බණ දෙසුවත්, කුමන තරාතිරමේ පුද්ගලයෙක් වුණත්, ඔහු හෝ ඇය ලංකාවේ නම්, මේ වගේ තුච්ජ නින්දිත ගතිගුණ හා මේ හා සමාන අසමජ්ජාති ක්‍රියාකාරකම් තමයි කරන්නේ. වනචරකම, හොරකම, මදාවිකම්, හා නොකී සියලුම අමනකම් වලින් පිරුණු අධර්මිෂ්ඨ සමාජයකයි අපට ජීවත් වීමට සිදුවී තියෙන්නේ. කටින් පමණක් කාරුණික, අනෙකාගේ පීඩාව තමන්ගේ විනෝදය කරගත් නිහීන සමාජයක් ලංකාවේ බිහි වුනේ කොහොමද කියලයි අපි කල්පනා කළ යුත්තේ... මදාවියන්ට ලැබෙන සමාජ,ආගමික හා රාජ්‍ය අනුග්‍රහය අතින් අපි කප් ගහලයි ඉන්නේ. ලංකාව තුල පමණක් නොවෙයි විදේශ රටකදී පවා අප පරිස්සම් විය යුත්තේ, මේ මිලේච්ජ ජාතියෙන්ම තමයි. ඇයි මෙහෙම වුනේ?
ගෙදරට ඇවිත් මේ ළමයාව රවටලා එක්කර ගෙනගිය අර ගැහැණු කෙනත් ඔතැනින්ම තල්ලු කරන්නයි තියෙන්නේ...
මොවුන් අපරාධ කරන්නට බය නැත්තේ මේ රටේ අපරාධවලට නිසි දඬුවම් නැති නිසයි. මුන් වගේ අය නීතියෙන් ගැලවිලා එළියට ආවත්, පාර තොටේදී ගල් ගසා පන්නා දැමිය යුතුයි...
මාධ්‍ය ප්‍රකාශක මතක් කළා මෙයාට සල්ලි තියනවා කියලා. දැන් නීතිඥයින්ගේ හූරා කන වාරය. දැන් අපි බලාපොරොත්තු වන කිසිදෙයක් වෙන්නේ නෑ...
මේ කොල්ලා අපේ රෝහිත ඇමැතිතුමාගේ හොඳම ගෝලයෙක්. මෙයා කවදාවත් වැරැද්දක් කරන කෙනෙක් නෙවෙයි.. රෝහිත ඇමැතිතුමා ඔබව ආරක්ෂා කරාවි මල්ලී...