(සුමිත් ප්‍රේමතිලක)
කළුතර බන්ධනාගාරයේ රදවා සිටින සිය අනියම් සැමියා බව කියන පුද්ගලයකුට ලබාදීම සදහා හෙරොයින් මත්කුඩු කලිසමේ සඟවා රැගෙන ආ ගැබිණි කතක් අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලීසිය පවසයි .
මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ අව්ස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින 36 හැවිරිදි දෙදරු ගැබිනි මවක බව පොලිසිය කීය.
මත්කුඩු චෝදනාවක් සම්බන්ධයෙන් කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රඳවා සිටින සිය අනියම් සැමියා බැලීමට සැකකාර කාන්තාව පැමිණ ඇතැයි පොලිසිය කියයි.
ඇය පිළිබඳ සැක සිතී බන්ධනාගාර නිලධාරිනියන් ලවා පරික්ෂා කිරීමේදී ඇද සිටි කලිසමේ වාටියේ සගවාගෙන තිබූ හෙරොයින් මත්කුඩු මිලිග්රැම් 990 ක් සොයාගෙන ඇතැයි පොලිසිය කියයි .
සැකකාර කාන්තාව ඇයගේ 6 සහ 4 හැවිරිදි පුතුන් දෙදෙනා ද සමග පැමිණ සිටි බවත් , ඔවුන් දෙදෙනා ද කළුතර උතුර පොලිස් ස්ථානයේ රැඳී සිටින අයුරු දැකගත හැකි විය .
සැකකාර කාන්තාව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd