
(සුමිත් පොතුපිටිය)
කළුතර උපකාරක පංතිවල ගුරුවරයකු සිසුවියන් 16 දෙනකුට ලිංගික අතවර කළ කර ඇති බව පැමිණිලි කීපයක් ලැබී ඇතැයි පොලිසිය කියයි. කියන උපකාරක පංති ගුරුවරයකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අද සවස වන විට කළුතර පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන දෙකකට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව පොලිස් නිළධාරීයෙක් කිය.
පාසල් සිසුවියන්ට පංතිකාමරයේ දී ලිංගික අතවර කර ගුරුවරයා, දැරියන්ව නිවෙස්වලට ඇරලවන මුවාවෙන් කළුතර ලාගොස්වත්ත ප්‍රදේශයේ කැලයකට රැගෙන ගොස් සිය මෝටර් රථය තුළදී ලිංගික අතවර කර ඇති බවත් , ඒ අතරතුර සිය ජංගම දුරකථනයෙන් ඒවා පටිගත කර තිබියදී පොලිසිය සොයාගෙන ඇති බව පොලිස් නිළධාරීයෙක් කීය.
දැරියන්ට සූම් තාක්ෂණය ඔස්සේ පංති පැවැත්වීමට ලින්ක් යවා මව්පියන් නොමැති අවස්ථාවලදී ඔවුන්ට ඇදුම් ගලවන ලෙස උපදෙස් දී එම දර්ශණද පටිගත කර ඇති බවද සදහන් වේ.
සැකකාර ගුරුවරයා සියලු ලිංගික දර්ශන සිය ලැප්ටොප් යන්ත්‍රයේ ගබඩා කර තිබියදී ඔහුගේ බිරිඳට හසුවී ඇය එම දැරියන්ගේ මව්පියන් දැනුවත් කිරීමෙන් පසු පැමිණිලි කිරීම ආරම්භ වී ඇතැයි පොලිසිය පොලිස් නිළධාරීයෙක් කීය.
අතවරවලට ලක්වූවන් අතර කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක නිළධාරීයෙකගේ දියණියක් සිටින බවද වාර්තාවේ.
කළුතර පොලිස් කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ද සිද්ධිය සම්බන්දයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පැවසේ.
ගණිතය විෂය උගන්වන සැකකාර ගුරුවරයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂ ගණන් කාරයෙක් වගෙයි. මෙතන කියවෙන විධියට මම නම් තනිකරම ගුරාට වරද පටවන්නෙ නෑ. අද කාලෙ කළුතර කෙල්ලන්ටත් මනමාල විසේ…!
මුන්ව එල්ලලා මරන්න, එහෙම නැත්නම් ලිංග ඡේදනය කරන්න තරම් නීතිය සවිමත් නැද්ද?
කළුතර උන්ට මද කිපිලා
දෙවියෝ සාක්කි !! මේ දින සති මාස කිහිපයට කොපමණ මේ වගේ තිරිසන් සිද්ධි උනාද ? අවසානයේ නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරියෙකුගේ දරුවෙකුත් මේ නින්ධිත අසාධාරණයට අහුවෙලා. යකුනේ දැන් වත් මේ පාහරයින්ට ඉක්මනට ,හැකි ඉක්මනට නීතිය ක්‍රියාත්මක කරපල්ලා.මේ දරුවන් රටේ අනාගතය. මෙහෙම දේවල් වලට මේ දරුවන් මේ අවධියේදීම හසු උනහම ඔවුන් දිවි ඇති තෙක් මානසික පීඩනයකට ගොදුරු වෙනව. මේ රට ට මෙහෙම වෙන්නේ නීතිය රකින, ක්‍රියාත්මක කරන ,හදන තැන් වල තියෙන වංචාවන් නිසාම තමයි .
පොදුවේ සියලුම දරු දැරියන් ප්‍රවේශම් විය යුතුයි . හැම දෙයක්ම අම්මට හෝ.තාත්තට කියන්න පුරුදු වෙන්න ඕන. දෙමාපියන් දරුවන් ට හොඳින් ඇහුම්කන් දෙන්න ඕන.කිසිම පිටස්තර කෙනෙක්ව විශ්වාස නොකළ යුතුයි
විෂය දැනුම තිබු පමණින්ම ගුරුවරයෙකු විය නොහැකියි . විනය , හික්මීම ඇතුළු තවත් බොහෝ ගුණාංග ගුරුවරයා සතු වියයුතුයි . අද සමාජයේ ප්‍රතිකාර කලයුතු මට්ටමේ මානසික රෝගීන් 20% කට වඩා ඉන්නවා . විෂය දැනුම තිබු පමණින්ම ගුරුවරයෙකු විය නොහැකියි . විනය , හික්මීම ඇතුළු තවත් බොහෝ ගුණාංග ගුරුවරයා සතු වියයුතුයි . අද සමාජයේ ප්‍රතිකාර කලයුතු මට්ටමේ මානසික රෝගීන් 20% කට වඩා ඉන්නවා . එන්න අපි තව තවත් ගංජා , කුඩු , කසිප්පු හා අනෙකුත් මත්ද්‍රව්‍ය ඇතුළු මනස විකුර්ති කරන දෑ මෙන්ම බාල ගනයේ ටෙලි නාට්‍ය යනාදිය promote කරමු
ඉතින් ඇඳුම් ගලවන්ට කිව් පමණින් ඇදුම් ගැලෙව්වේ ඇයි? බලාගෙන ගියාම කළුතර පැත්තේ ඉන්නේ මහ කුපාඩියෝනේ.
කළුතර කියන්නේ දැන් නම් වෙනම රටක් වගේ ඒ තරම් තුඡ්ඡ සමාජයක් නේ මේ ඊලග පරම් පරාවට දෙවියන්ගේම පිහිටයි
කලුතර කප් එක ගන්නමයි යන්නෙ.
ඕක අල්ලලා දඬුකඳේ ගහපියවු ,වෙන කරන්න දෙයක් නැහැ
මේ නැහැදිච්ච වනචර ගුරාට එරෙහිව සමස්ත ගුරු පරපුරම නැඟී සිටීම වැදගත්.මේ නැහැදිච්ච මිනිහා නොදන්නවාට ඔය වයසේ දැරියන් දෙස හොඳ ගුරුවරුන් බලන්නේ බොහොම අනුකම්පාවෙන්.ඒ මන්ද යත්,මේ දැරියන් ගතකරන වයසේ ස්වභාවය අනුව ඔවුන්ගේ හැඟීම් පිබිදෙන කාලයේ හොඳ ගුරුවරුන් ඔවුන් දෙස බලන්නේ මහත්වූ දයාවෙන් හා ස්නේහයෙන් යුතුවයි.දක්ෂ ගුරුවරයා මේ වයස්වල ඔවුන් තුළ ඇති පිබිදීම උපායශීලීව පොත පතට යොමු කොට ඔවුන් විශිෂ්ඨ ජයක් කරා යොමුකරනවා.ඒත් මේ නරුමයා සිදුකොට ඇත්තේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක්.කෙසේ වෙතත්,මොහුගේ බිරිඳ මොහු අල්ලා ගැනීමට කටයුතු කිරීම අගය කළ යුතු දෙයක්.
අනේ..අහිංසක මිනිස්සුන්ට බොරු චෝදනා කරන්න එපා...මේ උතුම් මනුස්සයා කවදාවත් මේ වගේ පහත් වැඩ කරන්නෑ. ඔය සියලු චෝදනා වලින් මේ මනුස්සයාත් නිදහස් වෙන්නැද්ද බලන්නකෝ.....පව් අනේ...
කළුතර කෙල්ලෙක් නම් එපා අම්මෙ.
දැන් කාලේ හැදෙන කෙල්ලො ගැනත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .ගුරා විතරක් නෙවෙයි .කෙල්ලොත් වැරදි..අවලමේ යන්ඩ කලින් කෙල්ලන්ට හිතන්ඩ තිබුනා.
ටියුෂන් කාක්කෝ වැඩ පටන් අරන් වගේ...
මේ බබාලා නෙමෙයි නේ.ගෙදර ගිහින් කියන්න බැරි උනේ ඇයි ?වලත්ත ගුරාගේ වයිෆ් ගේ හොඳ කම නිසා එලි උනා .නැත්නම් මේ වල් ගුරා කළුතර කෙල්ලෝ ඔක්කොම විනාශ කරන්න ඉඩ තිබ්බා