IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කැළණි -කලු ගංගාවල ජල මට්ටම ඉහළට

(නිමල කොඩිතුවක්කු)
කැළණි සහ කලු යන ගංගාවල ජල මට්ටම අවධානයෙන් සිටිය යුතු මට්ටමට ආසන්නව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල පහත් බිම් වල සිටින ජනතාව පූර්ව සූදානමකින් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත් බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) එස්. පී. සී සුගීෂ්වර මහතා පැවසීය.

කැළණි සහ කලු ප්‍රදාන ගංගාවල සහ  අතුගංගා ආදියේ ජල මට්ටම සැලකිය යුතු මට්ටමක පවතින බැවින් ඒවායේ ගමන් කිරීම, ඔරු පැදීම සහ දිය නෑමෙන් වැලකී සිටිය යුතු බවත් සුගෂ්වර මහතා කීවේය.

නිරිත දිග මෝසම සක්‍රිය වීමෙන් වැසි තත්ත්වය වැඩි වී ඇති බැවින් සෙසු  ගංගා ඇළ දොළ සහ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ඒ පිළිබඳ තවදුරටත් සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවත් වාරිමාර්ග අධ්‍යක්ෂවරයා කීවේය.

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් ගම්පහ සහ ජාඇල ප්‍රදේශවල  සුලු ගංවතුර අවධානමක් තවදුරටත්  පවතින බවත් ඔහු සඳහන් කළේය.

මෙයට අමතරව ගිං, නිල්වලා සහ බෙන්තර ආදී ගංගාවල සහ මහ ඔය, දැදුරුඔය සහ අත්තනගලු ඔයේ ඉහළ ජල මට්ටමක් වාර්තා වන බවත් ඔහු සඳහන් කළේය.

ඉදිරියේදී වර්ෂාව තදින් පතිත වුවහොත් මෙම ගංගා සහ ඇලදොළවල ගංවතුර ඇතිවීමේ අවදානම් තත්ත්වයක් පවතින බවත් වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පැවසීය.

එමෙන්ම අධික වර්ෂා පතනයත් සමඟ නගර ආශ්‍රිත මහා මාර්ග ක්ෂණිකව ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් රථ වාහන රියදුරු මහතුන් සහ මගීන් ඒ පිළිබඳ සැලකලිමත් වන ලෙසත් ඔහු සඳහන් කළේය.

මේ අතර සමස්තයක් ලෙස දිවයින පුරා ජලාශවල ජල මට්ටම සියයට 80 ක පමණ සැලකිය යුතු ඉහළ ධාරිතාවක තවදුරටත් පවතින බවත් වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

 



අදහස් (0)

කැළණි -කලු ගංගාවල ජල මට්ටම ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site