(ඉන්දිකා රාමනායක)
පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණන මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින තිළිණි පියමාලි නැමැත්තිය කොටුව ඉදිකරමින් පවතින සුඛෝප භෝගී මහල් නිවාස සංකීර්ණයක් වන ක්‍රිස් බිල්ඩිමේ නිවාස ලබා දෙන බවට පවසා පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අංරංචි මාර්ග පවසයි.
සැකකාරිය තවත් කිහිප දෙනකු සමග එක්ව එහි කාර්යාලයක් පවත්වාගෙන යමින් මෙම වංචාව සිදුකර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.
සැකකාරිය ,හමුවට මෙම කාර්යලයට පැමිණි පුද්ගලයන්, සැකකාරිය සමග එම කාර්යාලයේ සිටි පිරිස, කුමණ ගනුදෙනුකරුවන් එහි පැමිණ සිටියේද යන්න හෙළි කර ගැනීම සදහා එම ගොඩනැගිල්ලේ වසරක පමණ සී සී ටී වී කැමරා දත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා ගෙන ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.
මෙම සැකකාරියට මෙරට සහ විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ට මුදල් ලබා දී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලැබී ඇත.
ඔවුන් භාරයේ ඇති කළු සල්ලි සුදුකිරීම සදහා සැකකාරියට ආයෝජන සදහා එම මුදල් ලබා දී ඇති බවට තොරතුරු හෙළිව ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥවරයකු ඇතුලු පුද්ගලයන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට කැඳවා සටහන් කරගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතිගරු, තිලිනි ප්‍රියමාලි මහත්මිය, මට නම් ඔබ වීර වරියක්. ඔබ තුමිය හොරාකාපු එවුන්ගේ නමවත් එලියට දාගන්න බැරි රටකනේ අපි මේ ජීවත් වෙන්නේ.."හොරු සමග අත්වැල් බැඳගෙන හොරකම් කිරීමේ පාඩම" මේ සිරි ලංකාවේ විෂය නිර්දේශයට පවා ඇතුලත් කල යුතුයි. ඔබ තුමියට තව තවත් හොරුන්ගෙන් හොරකම් කිරීමට ආශිර්වාදය ලැබේවා!!
ප්‍රියමාලි දැරිවියට ජයවේවා...!
ව්‍යාපාරික ස්ථානයක් කුලියට ගන්නකොට ව්‍යාපාරයේ නීත්‍යානුකුල බව සොයා බලන නීතියක් තිබුනා නම් වංචා අවමකර ගන්න පුළුවන් නේද ?
කලු සල්ලි සුදු කරපු එක ගැන තියෙන උනන්දුව සදු සල්ලි කලු කරපු එක ගැන නැැනෙ?
මැයගේ කොම්පැනිය ඔඩිට් කරපු කොම්පැනිය මොකක්ද? ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් මැයගේ ආයතනවල ගනුදෙනු ඔඩිට් කළාද? නැතිනම් ඇයි? ඒ නිලධාරින්ගේ වත්කම් කොහොමද? එකදිගට මේ රටේ බදු, වංචා කරන අයට, දොළ පිදේනි අරගෙන, උල්පන්දම් දෙන්නේ ඉහත ආයතන දෙපාර්ශවය..? රටට නොලැබෙන ආදායම් ඔවුන්ගේ සාක්කු වලට යනවා. මේ ගැන ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?
තිලිනි ප්‍රියමාලි යනු දැනට හසුවුණු කුඩා හාල්මැස්සෙක් පමණයි. විශාල තල්මසුන් තවමත් සුවසේ පිහිනමින් සිටි.
මේවාගෙන් කිසිම දෙයක් ඔප්පු කරගන්න බැරිව මේ මනුස්සයා නිදහස් වෙනවා. අපි අපේ බඩේ ගින්දර අමතක කරලා පොඩි ආතල් එකක් ගන්නවා.
දැන් බලාගෙන යන කොට ගැහැණුන්ගෙ මොලේ නෙමෙි හැදි මිටෙි දිග මෙිවට අහුවෙන නමට විතරක් ඉන්න පිරිමින්ගෙ.