(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අප පාර්ලිමේන්තුවේ දී කළ යුත්තේ ආණ්ඩුව ආරක්ෂා කිරීම හෝ වැට්ටීම නොව වැටුණු ජනතාව ආරක්ෂා කර ගැනීම බව හිටපු අග්‍රාමාත්‍ය  එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී  රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 

සම්ප්‍රදායික දේශපාලන යෙදීමෙන් හෝ කෑගසා සටන් පාඨ කීමෙන් අර්බුදය විසඳන්න බැරි බව හිටපු අග්‍රාමාත්‍ය  ප්‍රතිපත්ති වල ස්ථාවරභාවයක් නැතිව ප්‍රශ්න විසඳන්නට හැකියාවක් නැති බවද සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ රාජාසන කතාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.