IMG-LOGO

කුළු බඩු ප්‍රති අපනයනය සමාගම් හතරකට අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

තෝරාගත් කුළු බඩු ප්‍රති අපනයනය සඳහා ආනයන සමාගම් වලට ' අනුමත ව්‍යවසාය ' තත්ත්වය ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

තෙල් සාරය, ඔලියොරෙසින් සහ අවශේෂ ආකාරයෙන් ප්‍රතිඅපනයනය සඳහා තෝරාගත් කුළු බඩු ආනයනය කිරීම සහ සැකසීම සඳහා වූ ක්‍රියාපටිපාටියට 2023-12-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

 ඒ අනුව, එම කාර්යය සඳහා 2024 අංක 10 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පනවනු ලැබ තිබේ. එකී රෙගුලාසි අනුව තෝරාගත් කුළු බඩු ආනයනය කිරීම සහ සැකසීම සඳහා ව්‍යවසායන් කිහිපයක් දැනටමත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ පරිපුරක ගිවිසුම් අත්සන් කර ඇත. එකී ව්‍යවසායන් හට ' අනුමතව්‍යවසාය ' තත්ත්වය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් නිර්දේශ කර තිබේ. 

ඒ අනුව තෝරාගත් කුළු බඩු ආනයනය හා සැකසීම සහ තෙල් සාරය, ඔලියොරෙසින් හා අවශේෂ ආකාර වලින් ප්‍රතිඅපනයනය කිරීම සඳහා අනුමත ක්‍රියාපටිපාටියේ අවශ්‍යතා සම්පූර්ණ කරන ලද පහත සඳහන් ව්‍යවසායන් හට ' අනුමත ව්‍යවසාය ' තත්ත්වය ලබා දීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

  • Stay Naturals (Pvt) Ltd.
  • Verger Naturals (Pvt) Ltd.
  • Plant Lipids Lanka (Pvt) Ltd.
  • HDDES Extracts (Pvt) Ltd.

 



අදහස් (1)

කුළු බඩු ප්‍රති අපනයනය සමාගම් හතරකට අනුමැතිය

mangala Tuesday, 05 August 2025 04:28 PM

කෙටි ලාභ හොයන්න ගිහින් ලංකාවේ නම කන වැඩක්. පහුගිය ආණ්ඩු කරපු ගොන් වැඩේ මේ ගොල්ලන් දික් කරනවා. මේක තනිකර සමාන වෙන්නේ කොංගෝ තේ ගෙනැල්ලා ලංකාවේ පැකට් කරලා ලංකාවේ නම කොහේ හරි මුල්ලක ගහලා යවන එක. අන්තිමට වෙන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන එක නිකම්ම නිකන් හාල් කෑල්ලක් ගානට වැටෙන එක. අපේ ගම්මිරිස් කුරුඳු කහ වගේ ලෝකේ තියෙන හොඳම කොලිටි කුළු බඩු වලට තියෙන ඉල්ලුම නැත්තට නැති වෙන එක...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 260 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 440 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 785 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site