ඩයනා උදයංගනී
සම කැබිනට් ප්‍රකාශකවරයෙක් ලෙස පත්කර සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැන් සම කැබිනට් ප්‍රකාශකවරයෙක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක, ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය.
භාරකාර ආණ්ඩුවක් පවතින මෙවන් අවස්ථාවක රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධූර අහෝසි වන බැවින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ද ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරය අහිමි වී ඇති බව ඇමතිවරයා කීවේය.
එබැවින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක තනතුර ද ඔහුට අහිමිව ඇත.
මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පනින ලිය ගැන ඊයේ රාජිත ඉඟි කළා.
අනේ මෙහෙම විහිලු සපයන ආණ්ඩුවක් ලෝකෙම නැහැ. මුළුරටම දැන් අරාජිකයි. අපේ මේරට බාරගන්න ඉන්න දරුවන්ට රටක් ඉතුරුවෙයිද?
අනේ ඇයි ඒ? ඇයි එතුමාට එහෙම කලේ... ඔච්චර ඉක්මණින්? තනියම ඔච්චර ගොඩක් හෝදන්නත් පුළුවන්ද තනි කෙනෙකුට..
පිටිපස්සෙන් ආපු අදෘශ්‍යමාන හස්තයක් මෙයාටත් නියම පිහිපාරක් දීලා වගෙයි!
මේ විහිළුකාරයින් කාගේ උපදෙස්ද අනුගමනය කරන්නේ? ඉස්සෙල්ලා නීතිගරුක වෙන්න. කව්රු උපදෙස් දුන්නත් නීතියට එකඟවද කියලා සොයා බලන්න. මේ රටේ උගත් සැමෝම දැනගත යුතුයි මේ දේ. විහිළු සපයන අයට රට ගැන කැක්කුමක් නැහැ. මේ ගොල්ලන්ගේ බල තණ්හාවට දුක් විඳින්නේ අසරණ ජනතාව... රට ආපස්සට...