
(පද්මා කුමාරී කංකානම්ගේ)
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතිවිරෝධී අයුරින් කහ රැගෙන එන ජාවාරමකට සම්බන්ධ බව කියන පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව නොරෝච්චෝල පොලිසිය පවසයි.
මාම්පූරීය වෙරළේ සැක කටයුතු ලෙස හැසුරුණු මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන පීසීආර් පරීක්ෂණයට ලක් කර මේවන විට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව ද නොරොච්චෝල පොලිසිය සඳහන් කරයි.
ඉන්දීය ජාවාරම්කරුවන් හා සබදතා පවතින බවට ඇති සැකය පදනම්කර ගනිමින් මෙසේ පී.සී.ආර්. පරීක්ෂණයට හා ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
කල්පිටිය විජය නාවික හමුදාවෙන් ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙලෙස ස්වයං නිරෝධායනයට ලක්කර ඇත්තේ කල්පිටිය නාච්චිකල්ලිය, වන්නිමුන්දලම සහ පුත්තලම පදිංචිකරුවෝ වෙති.
සිද්ධිය සම්බන්ධයෙන් නොරොච්චෝල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ විශාල කහ හිගයකුත් තියෙනවා. ආන්ඩුව කහ ගේන එක සීමා කරලා මිනිස්සු අමාරුවේ දානවා. නිකන් සිරිමාවෝගේ ආන්ඩුව වගේ. එක්කෝ දේශිය නිශ්පාදනය වැඩි කරගන්න ඕන නැත්නම් මදිපාඩුව ගෙන්නන්න ඕනනේ..
රට රකින විරුවාගේ තීරණ නිසා දැන් මිනිස්සු කහත් ජාවාරම් කරන්න පටන්ගෙන.