(ඉන්දිකා  රාමනායක)

ඉන්දියාවේ සිට ගුවන් මගින් මෙරටට නීති විරෝධීව රැගෙන එමින් තිබූ කහ කිලෝ 30 ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව පරීක්ෂා කිරීමේ දී මෙම කහ තොගය හමුවී ඇත. සැකකරුවෝ මේවා ඔහුගේ ගමන්මල්ලේ සූක්ෂම ලෙස අසුරා තිබූ බවද පොලිස් ආරංචි මාර්ග.

අත්අඩංගුවට ගත් සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . සැකකරු අද  (15) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත .