IMG-LOGO

කසළ ප්‍රශ්නයකට ජවිපේ මන්ත්‍රීවරු පාරට බසිති

(රේඛා තරංගනී ෆොන්සේකා)

මොරටුව මහ නගර සභා කසළ ඉවත් කරන සේවකයන් කාන්තා සනීපාරක්ෂක තුවා සහ දරුවන්  සහ රෝගි වැඩිහිටියන්ට භාවිතා කරන පැම්පස් ඇතුළු දෑ රැගෙන නොයාම නිසා ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රීනී ප්‍රභාෂණී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු කණ්ඩායමක්  මොරටුව සොයිසා පුරදී විරෝධතාවයක නිරත වූහ.

සති තුනක කාලයක පුරා මෙම අපද්‍රව්‍ය රැගෙන යාම මොරටුව මහ නගර සභනවතා ඇති බව සදහන් කරන මන්ත්‍රිවරිය එසේ රැගෙන නොයන කසළ මොරටුවේ තැනින් තැන පුළුස්සා දැමීමට ජනතාව පියවර ගෙන ඇති බවද පැවසීය.

කසල රැගෙන නොයාම පිළිබඳව මොරටුව මහ නගර සභාවේ නගරාධිපති වරයාගෙන් ද අප විමසා සිටි අතර ඒ මහතා පිළිතුරැ දෙමින් පැවසුවේ කරදියාන කසළ අංගනයට කසල බාර ගැනීම අධිකරණ නියෝගයකට අනුව තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

ඒ අනුව තාවකාලිකව කසල එකතු කිරීම නවතා දැමීමට සිදු වූ බවද ඒ මහතා පැවසීය

වසර ගණනාවක් පුරා කසල ඇදීමට යම් ප්‍රයත්නයක් දැරුවා සේම කඩිනමින් මෙම ගැටලුව විසඳීමට පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය.

 



අදහස් (0)

කසළ ප්‍රශ්නයකට ජවිපේ මන්ත්‍රීවරු පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 518 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 697 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 282 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site