
(තිලකරත්න දිසානායක)
ගම්පොල සිට වැල්ලම්පිටිය ප්‍රදේශයට රැගෙන යමින් තිබූ කසළ තේ තොගයක් සහිත ලොරියක් යක්කල පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස රැගෙන යමින් තිබූ තේ තොගය කිලෝ 4950 ක් සහිත ඇසුරුම් 153 කින් සමන්විත වන බවත් මෙහිදී ගම්පොල ප්‍රදේශයේ පදිංචි කරුවන් වන 32 හැවිරිදි සහ 45 හැවිරිදි ලොරි රථයෙහි රියදුරා හා සහායකද අත් අඩංගුවට ගනු ලැබූ බවත් පොලීසිය පවසයි.
මොවුන්ගෙන් ප්‍රශ්ණ කිරීමේදී ප්‍රකාශ කොට ඇත්තේ ගම්පොල ප්‍රදේශයේ පුද්ගලයකු තේ තොගය වැල්ලම්පිටිය ස්ථානයකට බාර දීම පිනිස ලබාදුන් බවද පොලීසිය සදහන් කරයි.
මෙම තේ කුඩු සහිත ඇසුරුම් තුල රටකජු , රබර් පටි කැබලි වැනි අප ද්‍රව්‍ය පවා තිබූ ආකාරයක් දක්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd