(යොහාන්  භාසුර)

 

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව හයිද්‍රාබාද්හිදී දැන් පැවැත්වෙන  තරගයේදී ශතකයක් රැස් කළ කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් රෝහල් ගත කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

කුසල් මෙන්ඩිස් ශතකය රැස්කිරීමෙන් පසුව නැවත ක්‍රීඩාගාරයට එමින් සිටියදී  උදරාබාදයකට ලක්වීමෙන් මෙසේ රෝහල්ගත කළ බව ද එම නිලධාරියා කීය.

කුසල් මෙන්ඩිස් වෙනුවට සදීර සමරවික්‍රම මේ වන විට කඩුලු රකින්නා ලෙස ක්‍රීඩා කරන අතර දුෂාන් හේමන්ත අතිරේක පන්දු රකින්නා ලෙස පන්දු රකිමින් සිටී.