(යොහාන් භාසුර)

එංගලන්තයේ තරග සංචාරයක් අතරතුරදී විනය විරෝධීව හැසිරීමේ චෝදනාවට වැරදිකරුවන් වීමෙන් තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (7) පස්වරුවේ තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා පිලේ හිටපු උප නායක කුසල් මෙන්ඩිස්, තුන් ඉරියව් ක්‍රීඩක, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මෙසේ වසර ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට සහ රුපියල් කෝටිය බැගින් වන දඩයකට යටත්ව සිටියහ.

ක්‍රීඩකයන් තිදෙනාගේ ඉල්ලීමක් සහ වෛද්‍යවරු ලබාදුන් වාරතා සළකා බලමින් මෙම තීරණයට එළඹි බව කී මොහාන් මහතා ඔවුන් නියමිත ශාරීරික යෝග්‍යතාවයෙන් පසු වන්නේ නම් එළඹෙන සිම්බාබ්වේ සංචාරයේ සිට කණ්ඩායමට පැමිණීමේ අවස්ථාව ඔවුන්ට ඇති බව ද සඳහන් කළේය.

ඔවුන් දඩ මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් බව ද මොහාන් ද සිල්වා මහතා වැඩි දුරටත් කීය.