
කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමගම හුදෙ කලා කරන්නැයි සෞඛ්‍ය අංශ නිර්දේශ ලබා දුන් කැස්බෑවේ ග්‍රාම සේවා වසම් 9න් බහුතරයකට පොලිස් මාර්ග බාධක හෝ පොලිස් නිලධාරීන් යොදා නොතිබීමෙන් දැඩි සෞඛ්‍යමය ගැටලුවක් පැන නැගී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි.
හොන්නන්තර දකුණ,හොන්නන්තර උතුර, දැල්තර නැගෙනහිර, දැල්තර බටහිර, බටකැත්තර උතුර ,මාකන්දන නැගෙනහිර ,දම්පේ ,මඩපාත ,හා කැස්බැව දකුණ ග්‍රාම සේවා වසම් හුදෙකලාව කරන ලෙස සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ ලබා දී තිබිණි
එසේ මාර්ග බාධක නොමැති නිසා ආසාදිත තත්ත්වයට පත්වූ පුද්ගලයන්ගේ පළමු පෙළ ආශ්‍රිත යන්ද කිසිදු බාධාවකින් තොරව හුදෙකලා කරන ලද ප්‍රදේශයේ සිට විවිධ අවශ්‍යතා සඳහා වෙනත් ප්‍රදේශ කරා ගමන් බිමන් යාමට පෙළඹීම දැඩි ගැටළුවක් වී ඇති බව එම ප්‍රකාශකයා කීය .
මේ වන විට දින කීපයක් තුළදී එම ප්‍රදේශවලින් වාර්තා වූ කොරෝනා වයිරසය ආසාදිතයන් සංඛ්‍යාව 400 සීමාවට පැමිණ ඇතැයි ද කී ඉදිරි දින වලදී රෝගීන්ගේ තව සීඝ්‍රයෙන් වර්ධනය වනු ඇතැයි ද එම ප්‍රකාශකයා පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා පාලනය දැන් නං අන්තිමයි . ලංකාව කොහෙන් නවතීද දන්නේ නැහැ .
දැන් බොරුවට නහයෙන් අඬන්නේ නැතිව අවුරුදු කාලේ තමනුට තිබුණු බලතල පාවිච්චි කළා නම් මෙහෙම වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ජනතාව ලොක් ඩවුන් කරලා හාමතේ තියලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. මිනිස්සු කන්නේ, බොන්නේ කුලී වැඩක් කරගෙන අවුරුද්දට අතේ තිබුණු හැම සතේම වියදම් වෙලා. ලොක්ඩවුන් කියන එක හිතන තරම් සුන්දර නැහැ. අදාළ බලධාරින් හරියට රාජකාරි කළා නම් මේ තරම් දෙයක් වෙන්නේ නැහැ. මිනිස්සුන්ටම දොස් කීම වැරැදියි. නමුත් මිනිස්සුන්ගේ දායකත්වයක් අවශ්‍යයි.
කැස්බෑව, පිළියන්දල කියන්නේ වෙනම ප්‍රාන්තයක්..?
එහේ ලොක්කෙක් ඉනනවනේ