IMG-LOGO

කැස්බෑව නගර සබේ මහජන සේවා නවතී


(බී.ජානක)

කැස්බෑව නගර සභාවේ  සේවකයින් 8 දෙනෙකු කොරෝනා ආසාදිතයින්  බවට වාර්තා විමත් සමඟ කැස්බෑව නගර සභාවෙහි මහජන සේවාවන්  අද (5) තාවකලිකව නවතා දැමූ බව කැස්බෑව නගර සභාවේ සභාපති ලක්ෂ්මන් පෙරේරා මහතා පැවසීය.

කැස්බෑව නගර සභාවේ සියලු නගර සභා මන්ත්‍රීවරුන් ඇතුළු  සේවකයින් හා කාර්ය මණ්ඩලයේ 159 දෙනෙකු සඳහා පී. සී.ආර්. පරීක්ෂණ අද (5) නගර සභා භූමියේ දී සිදු කෙරෙන බව සභාපති ලක්ෂ්මන් පෙරේරා මහතා පැවසීය.

අද දින නගර සභාවේ වැඩ  කටයුතු අඩාල වුවද  අන්තර් ජාලය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට වරිපනම් බදු ගෙවීම් ආදිය සිදු කළ හැකි බව පැවසේ. නගර සභා සේවකයින්ගේ  සිදුකරන ලද  පී.සී.ආර් වාර්තා ලැබීමෙන් පසුව නැවත මහජන සේවාවන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා පැවසීය.



අදහස් (0)

කැස්බෑව නගර සබේ මහජන සේවා නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 143 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 350 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site