IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


කසිප්පු හබයෙන් මස්සිනා - මස්සිනාට වෙඩි තබයි

(ඩී.ජී.සුගතපාල)

ගාල්ල දඩල්ලේ ඊයේ  රාත්‍රි පැවති සංගිත සංදරශණයක් අසළදි  වෙඩිතබා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ දඩල්ල මහ මුදලි මාවත පදිංචි නොරගල් රොෂාන් හෙවත් කසිප්පු රොෂාන් නමැති 37හැවිරිදි පුද්ගලයෙකි.

දඩල්ලේදි අවුරුදු උත්සවයක් පැවති අතර පසුව රාත්‍රි කාලයේ සංගිත සංදරශනයක්ද පවත්වා ඇත. මියගිය අයද රාත්‍රි දහයයි කාලට පමණ එය නැරඹීමට එමින් සිටියදි පිටුපසින් යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු පිස්තෝලකින් වෙඩිතබා පලාගොස් තිබේ.

මෙහිදි තවත් අයකුටද වෙඩි වැදි ඇති අතර ඔහු කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත. සංගිත සංදරශනය නැරඹිමට පැමිණ සිටි 19 හැවිරිදි තරුණයකුගේ පාදයකටද උණ්ඩ කැබැල්ලක් වැදි තුවාල සිදුව ඇති අතර ඔහු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.

කසිප්පු පෙරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මියගිය පුද්ගලයා ඊයේ දහවල් කාලයේ නිවාස තුනකට පහරදි අලාබහානිකර ඇති බවත් එයට පලිගැනිමක් ලෙස ඝාතනය සිදු කර ඇති බවත් වෙඩි තබා ඇත්තේ මියගිය අයගේ බිරිඳගේ 29 හැවිරිදි සොහොයුරෙකු විසින් බවට හඳුනාගෙන ඇතැයි  පොලිසිය පවසයි.

 



අදහස් (3)

කසිප්පු හබයෙන් මස්සිනා - මස්සිනාට වෙඩි තබයි

දඩල්ලගේ Sunday, 16 April 2023 08:00 AM

ඉස්සර හිටපු මිනිස්සු අක්කා අනාථ වෙනවාට ඔහුව හොඳින්ම ආරක්ෂා කළා. දැන් කාලයේ තමන්ගේ සහෝදරියට වඩා කසිප්පු ලොකුවෙලා තියෙනවා... අනේ මෙහෙමත් කාලකණ්නියන්..!

:       0       2

රතුගමගේMonday, 17 April 2023 06:31 AM

එහෙම කිරීමේ වරදක් නැහැ කියලා හිතෙනවා... මොකද ඒ මිනිහා කසිප්පු ප්‍රශ්නයක් නිසා ගෙවල් කීපයක් විනාශ කළ කෙනෙක් නිසා මැරුණු එකා සමාජයට පිළිලයකි. වත්මන් ජනාධිපතිවරයාටත් මෙහෙම හිතන්න පුළුවන් නම් සමාජයේ නීති විරෝධතා සියල්ලම නවතන්න පුළුවන් වෙනවා...

:       0       0

පුරවැසියෙක්..... Sunday, 16 April 2023 10:31 AM

රටේ සෑම තැනකම පාහේ අපරාධකරුවන් අත ගිනිඅවි තිබීම ජන ජීවිතයට විශාල තර්ජනයක්ව ඇති බැවින් මේ සම්බන්ධයෙන් රජය දැඩි පියවරක් ගනිමින් නීති විරෝධීව ගිනිඅවි භාවිතා කිරීම නතර කිරීමට කඩිනම් පියවරක් ගත යුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 164 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 655 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1058 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site