
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල දඩල්ලේ ඊයේ රාත්‍රි පැවති සංගිත සංදරශණයක් අසළදි වෙඩිතබා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ දඩල්ල මහ මුදලි මාවත පදිංචි නොරගල් රොෂාන් හෙවත් කසිප්පු රොෂාන් නමැති 37හැවිරිදි පුද්ගලයෙකි.
දඩල්ලේදි අවුරුදු උත්සවයක් පැවති අතර පසුව රාත්‍රි කාලයේ සංගිත සංදරශනයක්ද පවත්වා ඇත. මියගිය අයද රාත්‍රි දහයයි කාලට පමණ එය නැරඹීමට එමින් සිටියදි පිටුපසින් යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු පිස්තෝලකින් වෙඩිතබා පලාගොස් තිබේ.
මෙහිදි තවත් අයකුටද වෙඩි වැදි ඇති අතර ඔහු කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත. සංගිත සංදරශනය නැරඹිමට පැමිණ සිටි 19 හැවිරිදි තරුණයකුගේ පාදයකටද උණ්ඩ කැබැල්ලක් වැදි තුවාල සිදුව ඇති අතර ඔහු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.
කසිප්පු පෙරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මියගිය පුද්ගලයා ඊයේ දහවල් කාලයේ නිවාස තුනකට පහරදි අලාබහානිකර ඇති බවත් එයට පලිගැනිමක් ලෙස ඝාතනය සිදු කර ඇති බවත් වෙඩි තබා ඇත්තේ මියගිය අයගේ බිරිඳගේ 29 හැවිරිදි සොහොයුරෙකු විසින් බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර හිටපු මිනිස්සු අක්කා අනාථ වෙනවාට ඔහුව හොඳින්ම ආරක්ෂා කළා. දැන් කාලයේ තමන්ගේ සහෝදරියට වඩා කසිප්පු ලොකුවෙලා තියෙනවා... අනේ මෙහෙමත් කාලකණ්නියන්..!
රටේ සෑම තැනකම පාහේ අපරාධකරුවන් අත ගිනිඅවි තිබීම ජන ජීවිතයට විශාල තර්ජනයක්ව ඇති බැවින් මේ සම්බන්ධයෙන් රජය දැඩි පියවරක් ගනිමින් නීති විරෝධීව ගිනිඅවි භාවිතා කිරීම නතර කිරීමට කඩිනම් පියවරක් ගත යුතුයි.