ඔගස්ටින් ප්‍රනාන්දු
පොලිස් කොස්තාපල්වරයකුගේ පහර දීමකට මුහුණ දුන් නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිසිල් වික්‍රමසිංහ මහත මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇති බව මාරාවිල පොලිසිය කියයි.
එම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු ද වන ඒ මහතා මෙවර ශ්‍රී ලංකා පොදුජන පක්ෂ මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වී ඇත.
මේ වන විට රෝහල් ගත වි ඇති විකුමසිංහ මහතා ඊයේ රාත්‍රී සිය මෝටර් රථයෙන් මාරවිල හන්දිය වෙත පැමිණි අවස්ථාවේ දී බීමතින් සිවිල් ඇදුමින් සැරසී පැමිණි පුද්ගලයෙක් තම යතුරුපැදියට ඉස්සර කර යාමට ඉඩ නොදුන්නේ යැයි කියමින් ප්‍රසිද්ධියේ තමන්ට පහර දි පලා ගිය බව වික්‍රමසිංහ මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
වික්‍රමසිංහ මහතාට පහර දුන් අය මාරවිල පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවය කරන බවත් ඔහු අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවත් උසස් පොලිස් නිලධරයකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලංකාවද? මල් වඩම් අනවශ්‍යයයි
මොනව වුණත් රාළහාමි කරල තියෙන්නේ පින් අතේ වැඩක්, අම්මප.
හොඳ ආරම්භයක්.
රාලහාමි මෙන්න මගෙන් සැලියුට් එකක්. පයිනුත් එකෙක් ගසුවානම් මම අත් දෙකෙන්ම සැලියුට් දෙකක්ම දානවා. ඔය චෝදනාව දෙසපාලුවගේ පැත්තෙන්නේ. සතේකට ගණන් ගන්න එපා. එත් පොලිස්සියේත් ඉන්නවානේ පාවා දෙන්නෝ, නේද ?
අනේ මන්දා මේක නම් මහාම පුදුමයක්, මොකද ලංකාවේ වෙන්නෙම මන්ත්‍රීවරුනේ ගහන්නේ, මොනා වුනත් රාලහාමි කල වැඩෙත් නරකම නැහැ මම හිතන්නේ,
නියමයි රාළහාමි නියමයි, ඔබට උසස් වීමක් හිමිවිය යුතුයි.
ඒ රාළහාමිට මගේ උපහාරය.
මෙච්චර කල් අපට අහන්න ලැබුනේ දේශපාලකයන් පොලීස් නිලධාරීන්ට පහර දෙනවා. දැන් තත්වය වෙනස් වුනේක සතුටුයි.
රාලහාමි, ඔය කතාව ඇත්තනම් ඔබතුමාව ජාතික වීරයෙක් හැටියට මම සලකනවා! ඇත්ත වශයෙන් ඔබට වීර පදක්කමක් ලැබිය යුතුයි! පොලිසියේ උසස් නිලධාරීන් මෙතුමාව ආදර්ශයට ගත්තොත් රටේ අපරාධ අඩුවෙන බව ෂුවර්. මීට පස්සේ දේශපාලුවෙකුට ගහනකොට හොම්බට ඇනලා මදි. පස්ස පැත්තටත් වේගවත් පාද ප්‍රහාරයකුත් එල්ල කරන්න!!
රාළහාමි කෙනෙක් තරම්වත් අධ්‍යාපනයක් නැති අය ප්‍රාදේශීය සභාවට පළාත් සභාවට පාර්ලිමේන්තුවට පත්කරලා ඇරියම ඔහොම වෙනවා
බීමතින් පැමිණ පහරදී මෝටර් සයිකලයකටත් වේගයෙන් දුවලා තියෙන්නේ සුසන්තිකාගේ පරම්පරාවේ කෙනෙක්ද . නිකම් බොරු කියන්න එපා දේශපාලකතුමෝ ! අපිට දේශපාලකයන්ගේ නඩුහබ ඇහුවාම දැන් හිනා යනවා.
ඉතින් ටිකක් පාරේ යන ගමන් ඉඩ දුන්නාට මොකද වෙන්නේ ? ප්‍රාදේශිය මන්ත්‍රී කියන්නේ ඇම්බියුලන්ස් රියදුරෙක් නෙවෙයිනේ. තමුන්නාන්සේලාට පාරවල් ලියලා දීලා නැහැ. රටේ වෙන දේවල් වල හැටියට රාලහාමි හිතන්න ඇති යට කරන යන්න කලින් ඉස්සර කරලා හැටට හැටේ ගිහින් පණ බේරා ගන්න ඕන කියලා.
" වෙල් ඩන් !!! " රාලහාමි මහත්තයෝ. කාලෙකට පස්සේ අහන්නට ලැබුන හිතට නව පණක් දෙන ආරංචියක්. මේ හිතට ලැබුන දිරිය ශක්තිය ඔය ලෙසම ප්‍රාණවත්ව තබාගන්න. ඔබ බීලා හිටියද නැතිද යන කරණය නොවෙයි මගේ ප්රශ්නය ... වැඩි ඈත නැති දවසක අර දියවන්නාවේ ඉන්නා " 225 " ටම ඔය වගේම එහෙම නැතිනම් ඊටත් වඩා ඉස්තරම්ම අයුරින් " බැස්ටිය " දෙන්නට දිරිය ශක්තිය ඔබට ලැබේවා. මෙය මුළු ශ්‍රී ලාංකීය සමාජයේම ඒකායන ප්‍රාර්ථනයයි.
ජනාධිපති තුමනි , මෙන්න විශිට සේවා විභූෂණ සම්මානයට මුලික සුදුසුකම් ලබාගත්තු රාලහාමි කෙනෙක්. දෙන්න අත වීර කොස්තාපල් තුමනි. ඇමතියකු වගේ එකෙකුට කන් අඩි පැලෙන්න ගැහැවුවොත් ඔබතුමා ඉහතකී සම්මානයට පොදුජනයා ඒකමතිකව යෝජනා කරනු ඇත.
චිරන් ජයතු....රාලහාමි...! හොඳ ආරම්භයක්.
ඉඳහිට ගහට ගහක් මුණගැහෙනවා
අර දියවන්නාවේ ඉන්නා " 225 " ටම ඔය වගේම එහෙම නැතිනම් ඊටත් වඩා ඉස්තරම්ම අයුරින් " බැස්ටිය " දෙන්නට දිරිය ශක්තිය ඔබට ලැබේවා.