
(ගයාන් සූරියආරච්චි)
කැසට් යන්ත්‍රයක් අධික ශබ්දයෙන් දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත තරුණයකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇති බව බුලත්කොහු පිටිය පොලිසියය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ ඇඳුරාපොළ, ලැයිම 8 ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂ්ණන් ඩිලාන් නැමති 21 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ සැකකරු ඥාතීන් හා අසල්වාසීන් වන අතර කාලයක පටන් ආරවුල් පවතින්නට ඇතැයි පොලිසිය සැකපල කරයි.
එම ඝාතනය සම්බන්ධයෙන් 76 හැවිරි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙනඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ට වාතයක් නොවී හිටියොත් තමන්ට ජීවත්වෙන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා...
සමහර උන් ඉන්නවා කන් ඇහෙන්නේ නෑ. අනුන්ට කරදරයක් නොවී ජීවත් වෙන්න දන්නේ නෑ. ඔය කොහොමත් සද්දෙට කැසට් එක දාපු පලවෙනි පාර වෙන්න බෑ. පොලිසියට කිව්වාට ගණන් ගන්නේ නෑ. ඉතින් ඉවසලා ඉවසලා බැරිම තැන තමයි පිහියෙන් අනින්න ඇත්තේ...
කුමන හෝ හේතුවකට මනුෂ්‍ය ඝාතන කිරීම අනුමත කල නොහැකි නමුත් තවමත් කැසට් යන්ත්‍ර භාවිතයේ තියනවා කිව්වාම පුදුමයි වගේ.