
(ගයාන් සූරීය ආරච්චි)
අක්කර බදු ගෙවූ බවට කුවිතාන්සියක් ලබාදී වගා කටයුතු කරගෙන යෑම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම සඳහා රුපියල් ලක්ෂ විසිදෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බවකියන දියලුම ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
ඇතිලිවැව ප්‍රදේශයේ හෝටලයක් තුළදී අල්ලස් මුදල් ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකරු වත් අඩංගුවට ගනුලැබීය.
රජයට අයත් අක්කර විස්සක පමණ ඉඩමක පැමිණිලිකරු අක්කව දොළහක පමණ ප්‍රමාණයක වගා කර තිබූ අතර ඒ සඳහා අක්කර බදු ගෙවූ බවට කුවිතාන්සියක් නිකුත් කර අවශ්‍ය පහසුකම් සලසා දීම සඳහා රුපියල් ලක්ෂ තිස්පහක මුදලක් සැකකරු මුලින් ඉල්ලා තිබූ අතර ඉන් ලක්‍ෂ දහයක මුදලක් ලබාගෙන තිබූ බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරුව සැකකරු තවත් ලක්ෂ දොළහක මුදලක් පැමිණිලි කරුගෙන් ඉල්ලා ඇති අතර එම ලක්ෂ දොළහ මුදල ඇතිලි වැව ප්‍රදේශයේ හෝටලයක්් තුළදී ලබා ගැනීමේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
17
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෘෂි නිලධාරියා අල්ලස් දැලේ