(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සියලුම පළාත් කෘෂිකර්ම ආයතනවල සේවය කරන කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල නිලධාරීන්ට දීර්ඝකාලීන විදේශගත වීම් සඳහා අනුමැතිය ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති පළාත් කෘෂිකර්ම සමුළුවේ දී කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල නිලධාරීන් විදේශ ගතවීම සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්විය.
එම නිලධාරීන් විදේශ ගත වීමක දී කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය වන බැවින් දීර්ඝකාලීන විදේශගත වීම් සඳහා අනුමැතිය ලබා නොදෙන ලෙස පළාත් කෘෂිකර්ම බලධාරිහූ අමාත්‍යවරයාට යෝජනාවක් කළහ.
කෘෂිකර්ම අංශයේ සේවය කරන කෘෂිකර්ම උපදේශක වැනි තනතුරු රැසක මේ වනවිට විශාල වශයෙන් පුරප්පාඩු පවතින බවත් වසර ගණනකින් එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා බඳවා ගැනීම් සිදු කර නොමැති බවත් අමාත්‍යාංශය පවසයි.
දැනට පුරප්පාඩු පවතින තනතුරු සඳහා නව බඳවා ගැනීම් සිදු කරන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක කරන බවත්, කෘෂිකර්ම අංශයට අදාල නිලධාරීන් දීර්ඝකාලීන විදේශ ගතවීම් සදහා සිදු කරන ඉල්ලිම් තමන්ට යොමු නොකරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍යවරයා සියලුම කෘෂිකර්ම බලධාරීන්ට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන උපදේශකවරු ගන්න ඕනෑ තමයි. ඒත් කාර්යාලවල පුටුවට ඇළුණු උපදේශකවරු සහ පෞද්ගලික ගොවිපලවල කොන්ත්‍රාත්තුවට වැඩකරන කෘෂි උපදේශකවරු නැතුවට ලංකාවේ කෘෂිකර්මයට හානිය අඩුයි.
මේ මෝඩයින්ට නිකමටවත් හිතෙන්නේ නැද්ද දන්නෑ රජයේ සේවකයෝ රට යන්න දඟලන්නේ ඇයි කියලා. අනිවාර්යයෙන් ඔය මෝල්ලු දන්නේ නෑ අවුරුදු 20ක සේවාකාලයක් සම්පූර්ණ කරපු 1ශ්‍රේණියේ කෘෂි උපදේශකයෙකුටවත් රුපියල් හැටදාහ ඉක්මවපු වැටුපක් නෑ කියලා. ඒ මදිවාට ඒ වැටුපෙන්ම ප්‍රවාහන වියදම්, පෙට්‍රල්, යතුරුපැදි සේවා, අලුත්වැඩියා වියදම් දරන්නත් ඕනේ... මෙහෙම කරලා ඵලදායි සේවාවක් ලැබෙයි කියලා හිතන මැටි මෝල්ලු. ඔය බුරුවන්ම නියෝජනය කරපු ආණ්ඩුවලින් බොරුවට රාජ්‍ය සේවයේ පිරිස පුරවලා ඒ නිකං ඉන්න කාලකන්නි වෙනුවෙනුත් පව් කරගහන්න ඕනේ... මේ දරන්න බැරි ආර්ථික ප්‍රශ්න හින්දා රට යන්න යනකොටත් කාලකන්නියන් බකට් අදිනවා. කාලකන්නියෝ රටත් හාලා, ඉන්න එවුන්ගෙ ජීවිත කාලෙත් කන රටේ පවට උපන් අය...
ඔය දෙපාර්තමේන්තුව පිටින්ම වහලා දාන්න. මේකෙන් රටට වන සේවයක් නොමැත.
හොඳයි....