(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් එන්නත ගැනීමෙන් ඇතිවන අතුරු ආබාධවලට වඩා කොවිඩ් රෝගය වැළඳීමෙන් ඇතිවන අතුරු ආබාධ පස් ගුණයකින් පමණ වැඩි බව පරීක්ෂණවලදී සොයාගෙන ඇතැයි කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය පැවසුවාය.
එමෙන්ම එන්නත ලබාගෙන සිටියදී කොවිඩ් වැලඳුණු අයට ( පසු කොවිඩ් තත්ත්වය) හතිගතිය, අමතකවීම වැනි රෝග ලක්ෂණ මතුවීමද පස් ගුණයකින් පමණ අඩු බව ඇය සඳහන් කළාය.
සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කෙරෙන ඖෂධ වර්ග ලබාගැනීම භයානක බවද විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත වශයෙන්ම මේකටත් අපේ මිනිස්සු දේශපාලනය ගාගෙන තියෙන්නේ. විපක්ෂය ප්‍රචාරය කරනවා.. එන්නත ගත්තොත් නොයෙක් ප්‍රශ්න කියලා. මුලදී කිව්වේ එන්නත් ගෙනෙන්නේ නෑ කියලා. ගෙනැල්ලා දෙන්න යනකොට කට කතා හදනවා ඒක හොඳ නෑ කියලා. සමාජ මාධ්‍යයේ ඉන්න පණ්ඩිතයින් ඒ කතාවලට අත්තටු දෙනවා. දොස්තරවරුත් ඒ අතර ඉන්න බව මා පුද්ගලිකව අත්විඳි කාරණයක්... GMOA දොස්තර නෝනා මහත්තුරු ඒක තමන් ළඟට එන රෝගීන්ව මේ සම්බන්ධයෙන් මීට වඩා දැනුම්වත් කළොත් හොඳයි නේද..?
ඔය කියන වෛද්‍යතුමිය පළමු එන්නත් දෙක නිසා අංශභාග තත්වයට පත්වූ අයට, අක්මා රෝගීන් බවට පත්වූ අය ගැන මොකද කියන්නේ...? මොකක්ද දෙන පිළිතුර..? මම ඔය දෙවන එන්නතින් පස්සේ අක්මා රෝගියෙක් වුනේ මහාචාර්ය වෛද්‍යවරුන් කළහැකි පරීක්ෂණ ලක්ෂ ගාණක් වියදම් කරලා කිව්ව විදියට පෞද්ගලික රෝහලක කළා. අවසානයේ බෙහෙත් නැහැ, විටමින් එකක් විතරයි දුන්නේ... ඒකත් මාස තුනක් බොන්න කියලා දවසක් හැර දවසක් පාලනය පමණයි තියෙන්නේ... එතකොට කොරෝනාවෙන් බේරෙන්න එන්නත් ගත්තා. අවසානයේ ජීවිත කාලයේම විඳවන්න ලෙඩක් ලැබුණා. අරක්කු, සිගරට් බීලා හැදුණා නම් සාධාරණයි... නන් ඇල්කොහොල් කියලා කිව්වේ එන්නතේ හොඳකම...
ඒ කියන්නේ සමස්ත අතුරු ප්‍රතිඵල බලපෑම්වලින් 20%ක ප්‍රබලත්වයක්... එන්නත මගින් ඇතිවීමට ඉඩ තිබෙනවා. ගැටළුව තියෙන්නේ මෙම එන්නතේ නෙමෙයි. අපි අපේ දේවල් (හෙළ වෙදකම, ආයූර්වේද ඖෂධ) අමතක කිරීම.. අපේ උගතුන් සමීක්ෂණ කරනවා වෙනුවට පරීක්ෂණ කරනවා නම් අලුත් ඖෂධ හොයාගන්න අවශ්‍ය මූලික ද්‍රව්‍ය අපේ රටේ ඕනෑතරම්...!
මේ ගොල්ලන්ගේ කතාත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කතා වගේ තමයි. අතට ලැබෙන ගාණ අනුව කතා කරනවා. හරියට දත්ත, තොරතුරු නොදී කට වචනෙට කියන ඒවා අපිනම් පිළිගන්නේ නැහැ. මොකද ලංකාවේ ගොඩක් තොරතුරු කටවචනෙට කියන ඒවා විතරයි.