(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව ප්‍රකාශයට පත් කළේය.
කෝවිඩ් වසංගතය ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇති අතර සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම අඩු වීම හේතුවෙන් විදේශ විනිමය අහිමි වීම සහ එවකට අත්‍යවශ්‍ය වූ දැඩි අගුළු දැමීම් කිහිපයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය වඩාත් සංකීරණ තත්ත්වයට පත්ව ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
කෝවිඩ් වසංගත හේතුවෙන් අද වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය සියයට 10.5 ක විශාල මූල්‍ය හිගයකට ඇද වැටී ඇති අතර එය 2020 වසරේදී සියයට 4.6 ක් බවද වාර්තාවේ සඳහන් කර තිබේ.
පසුගිය වසරේ ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 119 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද එය 2019 වසරේ සියයට 93.6 ක් ද 2020 වසරේ සියයට 110 ක් බවද වාර්තාව කියා සිටී.
ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොල වෙත ශ්‍රී ලංකාවට ඇති ප්‍රවේශය 2020 දී අහිමි වූ අතර, විදෙස් සංචිත තීරණාත්මක ලෙස බරපතල ආකාරයෙන් පහත වැටීමත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට මහා පරිමාණ සෘජු ණය ලබා දීමත් ණය ප්‍රමාණය ඉහළ යාමට හේතුවී ඇති බව වාර්තාව පෙන්වා දෙයි
2018 වසරේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 6919 තිබූ ශ්‍රී ලංකා විදෙස් සංචිතය 2022 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 2204 දක්වා පහත වැටී ඇතැයි දත්ත විශ්ලේෂණය කර අනාවැකි පළකර ඇත.විදේශ ණය ආපසු ගෙවීම සහ ජංගම ගිණුම් හිඟය පුළුල් වීම විදේශ විනිමය හිඟයට හේතු වී ඇති බව වාර්තාවේ සඳහන් වේ.
ආනයනික උද්ධමනය, සැපයුම් නිෂ්පාදනය සහ ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය මධ්‍යයේ දේශීය ඉල්ලුම ඉහළ යාම හේතුවෙන්, උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේදී 10.5 ළඟා වෙමින් ඉහළ යමින් පවතින බව මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය ඇතිකිරීම සඳහා විශ්වසනීය පැහැදිලි ක්‍රමෝපායන් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවත්,වෙළඳපල නැවත තිබූ තත්ත්වයට පත් කිරීම සඳහා ක්‍රමානුකූලව තීරණය කරන ලද සහ නම්‍යශීලී විනිමය අනුපාතයක් අවශ්‍ය බවත් සමාජ ආරක්ෂණය සහතික කළයුතු බවත් වැට් බදු සේම අනිකුත් අදායම් බදු වැඩි කිරීම සඳහා අවධානය යොමු කළ යුතු බවත් වාර්තාවේ නිර්දේශ වල ඇතුලත් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනම පොඩි ළමයෙකුට කියන්න පුළුවන් දෙයක්නේ අපි IMF එකෙන් බලාපොරොත්තු වුණේ? මට නම් හිතෙන්නේ තමන්ට ඕන වැඩ ටික කරගන්න මේ සෙට් එකව බලයේ තියන්න ඕන හින්දා පොඩි සුදු හුණු පාරක් ගාලා කොවිඩ් පිටින් අරින්න වගේ හදන්නේ...!
මෙම රජය බලයට පත් වූ විගස නොයෙක් බදු කපාහැරීම රාජ්‍ය සේවයට උපාධි ධාරීන් 50000 ක් ඇතුළුව සේවකයින් 150000 ක් බඳවාගැනීම වැනි කාලෝචිත නොවන තීරණ ගැනීමද මෙම ආර්ථික අර්බුදයට හේතු වී ඇත...
මට පේන්නේ රාජපක්ෂලා IMF නියෝජිතයාටත් ජරාව දීලා වගේ...
IMF වාර්තාවේ කියන්නේ අනවශ්‍ය දේ සඳහා අධික ලෙස ණය ලබාගැනීම මේ අර්බුදයට හේතුව කියලා...!
අපි නං රැවටෙයි ඕවට.. ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාගෙන වැටුනේ කෝවිඩ් හින්දා කියන කතාව ශ්‍රී ලාංකික ජනතාව කොහෙත්ම පිළිගන්නේ නැහැ.. ශ්‍රී ලංකාවේ මහා ධනස්කන්ධය එක පවුලක් හොරා කෑවා...!
ඔය ටික තමයි බමුණුආරච්චි පුනපුනා කිව්වේ. ජෙප්පෝ හදන්නේ කළදුටුකළ වල ඉහගන්න. කොවිඩ් නිසා නම් ආර්ථිකය කඩා වැටුණේ ජෙප්පන් බලය අරන් කොහෙන් ඩොලර් හොයන්නද? කොහෙන් ආයෝජකයින් ගෙනෙන්නද? කොහෙන් රැකියා සපයන්නද? මොන බම්බුවකින් රට ගොඩගන්නද? ජෙප්පෝ හදන්නේ බොරුවෙන් බලය ගන්න. මෝඩ ජෙප්පන් රැවටුණාට අපි රැවටෙයිද ඕවට?...
රජයේ බදු ආදායම පහත දමා ගැනීම (ඉහළ බදු ගෙවන්නන් සතුටු කිරීම සඳහා) විනිමය අනුපාත ස්ථාවරව තබා ගැනීම, ට්‍රිලියන 3 ක පමණ මුදල් අච්චු ගැසීම (පසුගිය අවුරුදු 2 ඇතුළත) නිසිකලට IMF මගින් අවශ්‍ය සහන ලබාගැනීමට කටයුතු නොකිරීම, හිතුවක්කාරිය ලෙස රසායනික පොහොර වෙනුවට කාබනික වගාවට එකවර යොමුවීම, අධික මුදල් සැපයුමක් තිබියදී පවා ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නැංවීමට කටයුතු නොකිරීම, උද්ධමනයට සාපේක්ෂව පොලී අනුපාතික ඉතාමත් පහළ මට්ටමින් පවත්වාගෙන යාම, වෙළඳපළේ අනපේක්ෂිත ලෙස ඉන්ධන මිල (USD වලින්) ඉහළයාම ලංකාව මුහුණ දෙන වර්තමාන ආර්ථික අර්බුදයට හේතුවයි. මේ ආර්ථික අර්බුදය කෝවිඩ් නිසාම ඇති නොවූ අතර සමහර සාධක පාලනය කළහැකිව තිබූ ඒවායි. එසේ පාලනය කළහැකිව තිබූ සාධක නිසිකලට පාලනය කළේ නම් මෙතරම් අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් හෝ උද්ධමනකාරී තත්වයක් ඇති නොවන බවට විශ්වාසය තැබිය හැකියි...
මෙයට විසඳුමක් ලබාදිය හැකියි. කළයුතු වන්නේ සෑම ජනසවිය ලැබෙන්නා වූ පවුලක් සඳහා අයදුම්පත්‍රයක් ලබාදී එහි නිවසේ පදිංචි සියලු පුද්ගලයින්ගේ නම්, වයස, ලිපිනයන් සහ වර්තමානයේ කරන්නා වූ රැකියාව සහ ඔවුන් ගනුදෙනු කරන්නා වූ බැංකුවල නම් සහ විදෙස්ගතව සිටින්නා වූ අයගේද නම් සහිතව සඳහන් කර නිවසේ දැනට පදිංචි සියලු දෙනාගේ අත්සන සහිතව දින 10ක් තුළ නැවත ජනසවිය ලබා දෙන්නා වූ ආයතනය වෙත ලබා දීමට කටයුතු සැලැස්වීම වේ... එම දත්ත පරිගණක ගත කිරීම එතරම්ම අපහසු නැත. එම දත්ත රජයේ ආයතනයක් මගින් ඩේටාබේස් ක්‍රියාත්මක කර එම සියලු දත්ත ඇතුළත් කර තොරතුරු විශ්ලේෂණය මගින් සුදුස්සන් තෝරාගැනීමක් කළහැකිවනු ඇත. ඔවුන් ලබාදුන් දත්ත සහිත හාඩ් කොපීස් සාක්ෂි වශයෙන් තබාගත යුතුවේ.
බමුණු ගහන්නේ රැප්ලාගේ බයිලාමයි.
පිටු 95ක වාර්තාවක්... රජයේ දූෂණ ගැන, මහ බැංකු අධිපතිගේ දූෂණ ගැන මුකුත් දීලා නැද්ද?
ලෝක බැංකු වාර්තාවේ ආණ්ඩුවට වාසි වචන දෙක තුනක් අල්ලගෙන ඒක කන්දක් විදිහට පෙන්නලා ජනතාව රවට්ටන්නයි ආණ්ඩුවේ එවුන් හදන්නේ. ඔය කියන කිසිම දෙයක් සත 5 කට ගණන් ගන්න එපා.
විකාර කතා. IMF එකේ අයට ජරාවක් දීලා වගේ මොලහත... රටේ සල්ලි, සම්පත් හොරාකාලා පවුලම දැන් කෝවිඩ් පිට දානවා. තවත් මහජනතාව රවට්ටන්න බලන්නේ. IMF එක නොමග යවලා ඒ දෙන සල්ලිත් පිල්ලි ගහන්නද දන්නෑ මෙයාලගේ ප්ලෑන් එක... මහජනතාවනි, බුද්ධිමත්ව මොලෙන් මේ අයගේ කතා ගැන සැලකිල්ලට ගන්න... නැත්නම් අපි අමාරුවේ...
ඒ විතරක් නෙමෙයි 2018 දේශපාලන අස්ථාවරත්වය, 2018 විශාල ලෙස රුපියල අවප්‍රමාණය වීම, පාස්කු ප්‍රහාරය නිසා සංචාරක කර්මාන්තය බිඳවැටීම නිසා කෝවිඩ් වලින් වුණු බලපෑමට ලංකාව පහසුවෙන් ගොදුරු වුණා කියලා වාර්තාවේ තියෙනවා. ඉංග්‍රිසී දන්නා කෙනෙකුට ඒක තේරෙනවා...!