( තිළිණි ද සිල්වා )
කොවිඩ් – 19 ආසාදිත මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගැනීමට එරෙහිව එක්සත් රාජධානියේ විශාලතම මුස්ලිම් සංවිධානය වන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජිනීවා හී තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ.
මේ වන විට එම කවුන්සිලය ලන්ඩනයේ ප්‍රමුඛ පෙළේ නීතිඥ සමාගමක් වන බයින්ඩ්මන්ස් එල්.එල්.පී. (Bindmans LLP) හරහා ශ්‍රී ලංකාවට එරෙහි පැමිණිල්ල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නීතිමය පියවර ගැනීමට සූදානම් වන බවද ඒම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.
එසේම ශ්‍රී ලංකාවේ සිදු කරන ආසාදිත මුස්ලිම් දේහයන් ආදාහනය කිරීමට එරෙහිව ගත යුතු පියවර සලකා බැලීම සඳහා බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය විසින් එය සහකාර මහ ලේකම් සාරා මොහොමඩ්ගේ ප්‍රධානත්වයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික නියෝජිතායතන, නීතිඥයන්, වෛද්‍ය විශේෂඥයන් සහ ප්‍රජා නායකයන්ගෙන් ස්ථාපිත ‘කාර්ය සාධක බළකායක්ද’ පිහිටුවා ගෙන ඇත.
බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය වහාම හකුළා ගන්නා ලෙසට ශ්‍රී ලංකා රජයට අන්තර්ජාතික මට්ටමින් බලපෑම් එල්ල කිරීම එහි අරමුණ බවද බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය වැඩිදුරටත් සදහන් කර සිටී.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය පවසන්නේ බලහත්කාරයෙන් සිරුරු ආදාහනය කිරීම මුස්ලිම් සුළුතර කණ්ඩායමේ ආගමික නිදහස බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.
‘‘පවුලේ ඥාතියකුගේ දේහයක් නියමිත වේලාවට භූමිදානය කිරීමට ඉඩ ලබා නොදීම අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරීමකි.
මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා බලධාරීන් කිසිදු සාධාරණ හේතුවක් නොදක්වමින්, වසංගතය අතරතුර මළ සිරුරු ආරක්ෂිතව කළමනාකරණය කිරීම සඳහා වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයෙන් ඉවත් වී ඇතැයි ද යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං පලයල්ලකෝ... අවුරුදු 10-12 ගෑණු ළමයි බඳින්න දෙන රටවලට... ඒ්ක නුඹලාගේ ආගමට ගෞරවයක් නේ..
එම මළසිරුරු සහරාන් මියගිය ආකාරයට බෝම්බයක් පුපුරවා හරිමින් විනාශ කිරීමට (ජනතාව නැති ප්‍රදේශයකට ගෙන ගොස්) කටයුතු කරන්නේ නම් මෙම අන්තවාදීන්ටද සාධාරණය ඉටු විය හැකිය. එසේ නැතිනම් අරාබියේ පිහිටි කාන්තාර ප්‍රදේශයකට පුද්ගලික වියදමින් සිරුරු ගෙන ගොස් භුමදානය කිරීමට ශ්‍රී ලංකා රජය අවසර දීමට කටයුතු කළ යුතුය. තවද, එසේ නොමැති නම් හැකි ඉක්මණින් විද්වත් කමිටුවක් පත් කර සිරුරු ආදාහනය මඟින් ඔහුගේ ආත්මයට යම් හානියක්/ අගතියක් වන්නේ දැයි සොයා, එය විද්‍යාත්මකව තහවුරු වන්නේ නම් ඔවුන්ට භූමදානයට ඉඩ ලබා දිය යුතුයි.
කටුවාපිටියට බෝම්බ ගහන කොට මේ සංවිධාන කොහෙද දන්නේ නැහැ හිටියේ...?
තම සිරුර මක්කම භූමදානය කරන ඇත්තන්ට පමණක් කියනවා නේද? දිව්‍යෙලා්කයේ යන්න පුළුවන්. ඒ නිසා මක්කමින් පිට මොනවා කළත් වෙනසක් නැහැ.
මේ අපට තියන එකම රට විනාශ නොකර, එංගලන්තයටම අරගෙන යනවා නම් තමයි හොඳ.. මේ රටේ උතුම් නීතිය යටතේ ඉන්න බැරි අයත් පව් නොදී ඉන්න.