
(ඩබ් ඒ පියතිලක)
පොලොන්නරුව හිගුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ මින්නේරිය ජාතික පාසල අද (27) දිනයේ ආරම්භ කර ස්වල්ප වේලාවකින් දෙමාපියන් පැමිණ දරුවන් රැගෙන ගිය බව එම පාසලේ විදුහල්පතිවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් මින්නේරිය ජාතික පාසලේ විදුහල්පති කේ රණවිර මහතා මේ සම්බන්ධයෙන් මෙසේ කීය.
සුපුරුදු ලෙස පාසල අද දින ආරම්භ කලා. නමුත් වෙනදා මෙන් දරුවන් පාසලට පැමිණ සිටියේ නැ. පාසල ආරම්භ වෙලා ටික වෙලාවක් ගියා විතරයි දෙමාපියන් පැමිණ තම තමන්ගේ දරුවන් අරන් ගියා. මෙහෙම වෙන්න හේතුව වුනේ අපේ කලාප කාර් යාලයේ සේවකයෙකු කොව්ඩි 19 ආසාදිතයෙක් හමුවිමත් ඒ වාගේම ඊයේ දිනයේ කලාප කාර් යාලයට ආව ගිය 80 දෙනෙකු පී.සී.ආර්. පරික්ෂණයට භාජනය කලා. මේ විද්‍යාලයේ ගුරුවරුනුත් ඒ කලාප කාර් යාලයට ගියා. ඒ නිසා දෙමාපියන් බය වෙලා පාසලට පැමිණි දරුවන් ආපසු අරන් ගියා.
කෙසේ නමුත් හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කලාප බාර ටී.එ.ඩී.වයි. ගීතාංජලී අධ්‍යක්ෂිකාව මෙසේ පැවසුවාය.
හිගුරක්ගොඩ අධ්‍යාපන කලාපය තුල කිසිදු පාසලක් වහන්න කියලා මා උපදෙස් දිලා නැ. එ වාගේම උතුරු මැද පළාත් කාර්යාලයෙන් මාගේ කලාපයේ කිසිදු පාසලක් වහන්න කියලා මට උපදෙස් ලබා දිලාත් නැ. දෙමාපියන් විසින් පාසලට පැමිණ දරුවන් අරන් ගිය බවට මට තොරතුරු ලැබුණා .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිලාට, උසස් නිලධාරීන්ට ප්‍රශ්නයක් නෑ. එයාලා එන්නේ තනි වාහනේ.... ඉන්නේ තනි කාමරේ. අපි ඉස්කෝල ඇරියා කියලා ලකුණු දාගන්න හදනවා. දරු දුක තියෙන්නේ දෙමාපියන්ට... ඉගෙන ගන්න පුළුවන් කවදා හරි... දරුවන් ආරක්ෂා වෙලා ඉන්න ඕනෑ...
අනේ මන්දා මේ පාලන අංශවල මොළේ වැරදි තැනක පිහිටලාද තියෙන්නේ කියලා.රටේ සාමාන්‍ය පුරවැසියෙකුට තියෙන සාමාන්‍ය ප්‍රායෝගික බුද්ධිය නැහැ.මහා ලොකුවට ටයි කෝට් දාලා මහා වන්සෙන් කතාව.ඒ උනාට අධ්‍යාපනයේ තිබෙන මුල්ම වචනය වන පාසල යන වචනයද හරියට දන්නේ නැහැ. ඒක නිතර දෙවේලේ තොරතෝංචියක් නැතුව කියන්නෙත් පාසැල කියා වැරදි විදිහට. අඩුම තරමේ ඒකවත් හරියට කියන්න ඉගෙනගන්න. ඒක හෝ නොදන්නා මිනිසුන් රටේ අධ්‍යාපන පරිපාලනය ගැන හරිහැටි දන්නේ කෙසේදැයි විටෙක සැක සංකා මතුවෙනවා. රටකට ගිය කල...