(සුජිත් හේවාජුලිගේ )
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට දිනකට ඇතුළත් කෙරෙන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 2ත් 3ත් දක්වා පහළ බැස ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා ලංකාදීපයට පැවැසීය.
එම රෝහලට කොවිඩ් තුන්වැනි රැල්ල ආරම්භවීමත් සමඟ කොවිඩ් ආසාදිත දරුවන් 25ත් 30ත් අතර සංඛ්‍යාවක් ඇතුළත් කෙරිණ.
මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැනට ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදන දරුවන් සංඛ්‍යාවද 30ක් දක්වා පහළ බැස ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
කොවිඩ් තුන්වෙනි රැල්ල ආරම්භවීමෙන් පසු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ එකවර ප්‍රතිකාර ලැබූ කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 200 කට ආසන්නය.
බරපතළ තත්වයේ සිටි දරුවෝ පිරිසක්ද ඒ අතර වූහ.
කොවිඩ් තෙවැනි රැල්ල අවසානයට ළඟාවීමේ ප්‍රතිඵලයක් ලෙස කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව මෙලෙස පහළ බසින්නට ඇතැයි විශ්වාස කළ හැකි බවත් එන්නත්කරණ වැඩසටහන සාර්ථක ලෙස ක්‍රියාත්මකවීමද ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව පහළ බැසීමට තවත් ප්‍රධාන හේතුවක් වන්නට ඇති බවත් විජේසූරිය මහතා ප්‍රකාශ කළේය.
විවිධ ආබාධවලින් පෙළෙන දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ දිගටම ක්‍රියාත්මක කෙරෙන බවත් ආබාධිත දරුවන් 1600කට අද (1) වනවිට එන්නත ලබාදී තිබූ බවත් හෙතෙම පැවසුවේය.
මේ අතර කොවිඩ් තෙවැනි රැල්ල අවසානය කරා ළඟාවී ඇතත් දරුවන් සෞඛ්‍යාරක්ෂිතව දිගටම රැකබලා ගැනීම මෙන්ම ඔවුන්ට සෞඛ්‍ය ආරක්ෂක පුරුදු පුහුණු කිරීම වැදගත් බව එම රෝහලේ වෛද්‍යවරු පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd