(අංජුල මහික වීරරත්න)
මැදපෙරදිග යුද වාතාවරණය හේතුවෙන් මෙහෙයුම් කටයුතු නවතා තිබූ කුවේට් එයාවේස් ගුවන්සේවය කොළඹ දක්වා ගුවන් ගමන් නැවතත් ආරම්භ කර ඇතැයි වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය කියයි.
පෙබරවාරි 28 දින සිට කුවේට් එයාවේස් ගුවන් සමාගමේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව නතර කෙරිණි. ඉන්පසු මාර්තු 02 දින සිට ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට තීරණය කළ ද ඒ වන විට ද තිබූ අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් නැවත නැවතිණි.
මේ වන විට ඇති වී තිබෙන වාතාවරණය සළකා බලමින් නැවත කුවේට් එයාවේස් ගුවන් සමාගම කොළඹ දක්වා වූ සිය ගුවන් මෙහෙයුම් අප්‍රේල් 15 දින සිට ආරම්භ කිරීමට නිල වශයෙන් තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd