(සුමිත් පොතුපිටිය )
කළුතර බන්ධනාගාරයට ඉතා සූක්ෂම ලෙස කලිසම් වාටියේ සඟවා හෙරොයින් මත්කුඩු ලබාදීමට පැමිණි කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවක සහ තවත් පුද්ගලයකු බව පොලිසිය කීය.
බස්නාහිර පළාත් බුද්ධි නිළධාරින්ට ලද තොරතුරක් මත සැකසහිත ත්‍රීවිල් රථය පරීක්ෂා කිරීමේදී බෑගයක තිබූ කලිසමක වාටියේ ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6 ක් ,ජාවාරම සදහා යොදාගත් ජංගම දුරකථන 2 ක් සහ ත්‍රිරෝද රථය සමග සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
කලිසම් වාටියේ සඟවා හෙරොයින් ගෙනල්ලා