කලාශූරී, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අද(22) අභාවප්‍රාප්ත වී තිබේ.
ආරියදාස මහතා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු, ගුරුවරයකු මෙන්ම වියතෙකු ලෙස ද සැලකෙයි. ඒ මහතා “ඇවිදින පුස්තකාලය” යන නමින්ද අමතනු ලැබිණි.
ඉකුත් දෙසැම්බර් 3 වැනි දින ආරියදාස මහතා 99 වැනි වියට එළඹි යේය.
සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙක විශිෂ්ට ලෙස හැසිරවීමෙහි සමත්කම් දැක්වූ එඩ්වින් ආරියදාස මහතා විචාර ලිපි ගණනාවක් ද රචනා කර ඇත. හෙතෙම 'ලෝක ඉතිහාසය', ඇමෙරිකානු ජනපති දේශන ඇතුළත් 'විමුක්ති ප්‍රකාශ' ඇතුළු කෘති කිහිපයක් ම පළ කර තිබේ.
ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන, ජාතික සම්මාන ඇතුළු සම්මාන 300කට වැඩි ප්‍රමාණයක් හිමිකරගත් ඒ මහතා විවිධ රාජ්‍ය ආයතනවල උසස් තනතුරු ද හෙඹවීය.
ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම චූටි කාලේ නවයුගය කියලා පත්තරයක් තිබුණා. මම දන්නේ නැහැ. එය තවමත් තියෙනවද කියලා. ඒ පත්තරයෙන් තමයි මම මෙතුමාගේ නම මුල්වරට දැනගත්තේ. ඒ වගේම ඒ නම මට බොහොම සමීපයි. මොකද මගේ තාත්තාගේ නමත් එඩ්වින් නිසා. මෙතුමාගේ හරබර ලිපි ඒ දවස්වල බොහොම සතුටින් කියවන්න මම පුරුදුවුණා. ඇත්තටම මට කියවීමේ ආශාව ඇති කලේ මෙතුමායි. ඒ කාලේ මිනිසා හඳට ගිය ගමන ගැන, විස්තර පත්තරය පුරාවටම ලියමින්, අපේ කුතුහලය තව තවත් වැඩිකළේ මේ කියන ඇවිදින පුස්තකාලයයි. එඩ්වින් ආරියදාස මහත්මයාණෙනි, මේ රටේ ජනතාවගේ දැනුම වැඩිකිරීම සඳහා ඔබතුමා කළ උතුම් මෙහෙවරින් ලද පිනම ඇති ඔබතුමාට බුදුන් දැක නිවන් දකින්නට. වචනයෙන් මෙපමණයි කියන්න බැරිතරම් ස්තුතියක් නැවතත් ඔබතුමාට පිරිනමනවා. මේ අපි ඔක්කෝමව දැනුම නමැති අවියෙන් සන්නද්ධ කිරීම ගැන. ඔබතුමාට උතුම් වූ නිවන් සුව ප්‍රාර්ථනා කරන්නම්...
පඬිවරයාණෙනි, ඔබට නිවන් සැප ලැබේවා..!!!
නිවන්සුව ලැබේවා විද්වතාණෙනි..,
අන්තර්ජාලය නොතිබුන කාලයේ ලෝකය ගැන ගොඩක් දේ දැනගන්න ඔහුගේ දැනුම උපකාරී වුණා.
උගත් විද්වතාණෙනි.., ඔබ තුමාට අමාමහ නිවන් සුව අත්වේවා..!!!
එඩ්වින් ආරියදාස මැතිඳුනි, ඔබට නිවන් සුව අත්වේවා...!!!