(සිතුම් චතුරංග)

කිලිනොච්චිය, කෝරක්කන්කටු ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබූ ටි.56 උණ්ඩ 1,500 ක් සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.

ඉඩමේ හිමිකරු විසින් ඉදිකිරීමක් සඳහා අත්තිවාරම කපන අවස්ථාවේ සැකකටයුතු පෙට්ටි දෙකක් හමුවීමත් සමඟ පොලිසිය දැණුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය සිදුකළ පරීක්ෂාවකදී මෙම උණ්ඩ තොගය හමුවී තිබේ.

විශාල ප්‍රමාණයෙ පතරොම් බහාලන පෙට්ටි දෙකක් තුළ මෙම උණ්ඩ තොගය ආරක්ෂිත ලෙස අසුරා තිබූ බව පොලිසිය පැවසීය.

යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් නැවත ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් මෙම  උණ්ඩ තොගය එලෙස වළදමා සඟවා තබන්නට ඇති බවට පොලිසිය සැක පළ කරති.

හමුවූ උණ්ඩ සම්බන්ධයෙන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් තවදුරටත් එම ස්ථානයේ පුපුරණ ද්‍රව්‍ය පවතින්නේ ද සොයා පරීක්ෂා කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.