IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


’’ක්ලීන් ශ්‍රී ලංකා’’ සිරිපා අඩවියට

(අංජුල මහික වීරරත්න)

සිරිපා වන්දනා සමයට සමගාමීව සිරිපා අඩවියේ පාරිසරික පද්ධතිය ආරක්ෂා කර ගැනීම සහ සැදැහැවතුන්ගේ පහසුකම් ඉහළ නැංවීමේ අරමුණෙන් 'ක්ලීන් ශ්‍රී ලංකා' සහ පරිසර අමාත්‍යාංශය එක්ව දියත් කරන ජාතික වැඩසටහන ආරම්භ විය.  

ඒ අනුව මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ වීමට පෙර සිරිපා මළුව අවට සහ ළඟා වීමට අපහසු ස්ථානවල එක් රැස්වී ඇති අපද්‍රව්‍ය  ඉවත් කර සංවේදී පාරිසරික පද්ධතිය නැවත පොලිතීන් සහ ප්ලාස්ටික්වලින් දූෂණය වීම වැළැක්වීමේ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ   විශේෂ කාර්ය බලකායේ මූලිකත්වයෙන් සිදු කරනු ලබන මෙම “විශේෂ ශ්‍රම මෙහෙයුම” නොවැම්බර් 29 දක්වා පැවැත්වේ. 

මෙම ව්‍යාපෘතියේ මුල් අදියරේ අවසන් දිනය ලෙස නොවැම්බර්  29 වැනිදා  තුන්දහසක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් නල්ලතන්නිය හා පලාබද්දල ප්‍රවේශයන්හි “ක්ලීන් ශ්‍රී ලංකා එක් දින ශ්‍රමදාන වැඩසටහන” පැවැත්වීමට නියමිතය. සිරිපා අඩවිය ප්ලාස්ටික් සහ පොලිතීන් නිශ්පාදනවලින් තොර කලාපයක් බවට පත් කිරීමේ අරමුණින්  මෙවර සිරිපා සමය තුළ ලීටරයට වඩා අඩු (PET) බෝතල් ,එක් වරක් පමණක් භාවිතා කරන පොලිතීන් සහ ප්ලාස්ටික් හා පොලිතින් දවටන සහිත නිශ්පාදන තහනම් කිරීමටද පියවර ගෙන තිබේ. 

එසේම දෙසැම්බර් 13 - 14 දෙදින  ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් මාවුස්සා කැලේ ජලාශය ආශ්‍රිත පරිසරය පිරිසිදු  කිරීමේ “නාවික හමුදා ශ්‍රම මෙහෙයුම” ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබේ.

මීට අමතරව දීර්ඝ කාලීන පියවර වශයෙන් ශ්‍රී පාද භූමියේ ජල පහසුකම සහ වැසිකිළි පද්ධතිය විධිමත් කිරීම, මාර්ගය දෙපස ප්‍රමිතියෙන් යුත් වෙළෙඳසැල්ද,  නල්ලතන්නය ආශ්‍රිතව පහසුකම් සහිත රෝහලක් ස්ථාපිත කිරීම මෙන්ම ආරක්ෂිත රථ ගාලක් ස්ථාපිත කිරීමටද අපේක්ෂිතය. 

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණය යටතේ සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ,නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ත්‍රිවිධ හමුදාව, රත්නපුර සහ හැටන් දික්ඔය, අඹගමුව සහ නෝවුඩ් ප්‍රාදේශීය සභා, ශ්‍රී ලංකා පොලීසිය, ස්වේච්ජා සංවිධාන , පරිසර සංවිධාන ඇතුළු රාජ්‍ය හා පුද්ගලික ආයතන රැසක් සහාය දක්වයි.



අදහස් (0)

’’ක්ලීන් ශ්‍රී ලංකා’’ සිරිපා අඩවියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site