
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ලාල් එස් කුමාර)
කැලණිය පට්ටිය හංදියේදී අද සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් කාන්තාවක් හා අවුරුදු දෙකක කුඩා දරුවකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මියගොස් ඇත්තේ අවුරුදු 31 පුද්ගලයෙකි ඔහු වේයන්ගොඩ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා සිය බිරිඳ හා කුඩා දරුවා සමග යතුරුපැදියකින් යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කියයි
වෙඩි වැදුණු කාන්තාව මාර්ගයේ ගමන් ගත් අයකු බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
මියගිය පුද්ගලයාගේ බිරිඳට වෙඩි වැදුණේ ද නැද්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත
තුවාල ලද කුඩා දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල ලද අනෙක් කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත
මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට කන්න, බොන්න නැහැ. ඒත් මිනීමරුවන්ට නම් අඩුවක් නැහැ...