(ඩයනා උදයංගනී)

පැවති වියළි කාලගුණ තත්වයේ තරමක වෙනසක් අද (25) සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

අනුරාධපුරය සහ වව්නියාව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා කීවේය.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව ඔහු සඳහන් කළේය