(ඩයනා උදයංගනී)

උතුරු, නැගෙනගිර, උතුරු මැද සහ ඌව පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද(31) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත්,මහනුවර දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මීදුම් තත්වයක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.