
(ගයාන් සූරිය ආරච්චි)
රාජාංගනය, කලා ඔය ප්‍රදේශයේ නිවසක වහලය මත රඳවා සිටි පිරිසෙන් 67 දෙනාම මේ වන විට බේරා ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාණ්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසීය.
බේරාගත් පිරිස අතරින් එක් අයකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
බේරා ගත් පිරිස ආරක්ෂක ස්ථාන කරා රැගෙන ගොස් ඇත.
එම ප්‍රදේශයේ ඊයේ පැවති අධික ගංවතුර තත්ත්වය සහ අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් නාවික හමුදා නිලධාරීන්ට එම ස්ථානයට ළඟා වීමට ඊයේ (28) දවසේ අපහසු වී තිබූණි.
කෙසේ වෙතත් ඉතා කඩිනමින් නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක්, යුද හමුදාව සහ ගුවන් හමුදාවේ නිලධාරිහු එක්ව ක්‍රියාත්මක වී එම පිරිස බේරා ගත් හ.
පවතින අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් රාජාංගනය කලා ඔය ප්‍රදේශයේ බස් රථයක මගීන් පිරිසක් සිර වී සිටින බවට ඊයේ (28) ලද තොරතුරු මත ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ඔවුන් පිරිස බස් රථයෙන් මුදවා ඒ ආසන්නයේ පිහිටි නිවසක කොන්ක්‍රීට් වහලය මත ආරක්ෂිතව රඳවා තිබුණි.
එම පිරිස බේරා ගැනීමේ ඉදිරි මෙහෙයුම් නාවික හමුදාව මත පැවරී තිබුණු අතර ඊයේ දින තුළ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් නාවික හමුදාවේ පළමු කණ්ඩායමේ යාත්‍රාවක් එම පිරිස මුදාගැනීමට යාමේදී අනතුරට ලක්වී තිබුණි.
ඒ අනුව යාත්වා මඟින් කීප අවස්ථාවකදීම එම පිරිස මුදවා ගැනීමට උත්සාහ කළද එම ව්‍යාර්ථයන් අසාර්ථක විය.
කෙසේ වෙතත් නාවික හමුදාවේ විශේෂ කණ්ඩායම් තුනක් සහ යුද හමුදාව, ගුවන් හමුදාව එක්ව දියත් කළ මෙහෙයුම් මගින් මේ වන විට එහි සිටි සියලුම දෙනා බේරා ගත් බව නාවික හමුදාව පැවසුවේය.
කෙසේ වෙතත් ආපදාවට ලක් වූවන් බේරා ගැනීමේ මෙහෙයුම්වල නාවික හමුදාව තවදුරටත් නියැලෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩ බුද්ධික සම්පත් මහතා පැවසුවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපාල බලාගෙන හිටියේ එක්කෙනෙකුට හරි මොනවහරි වෙනකම්. ඒ බලාපොරොත්තුවත් ඉවරයි.