IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කල්එළියේ ව්‍යාපාරික ස්ථානයට පහරදුන් ක්‍රීඩා උපදේශක රිමාන්ඩ්

(ආනන්ද ඉ ජයකොඩි)

රටතුළ නොසන්සුන්කාරී තත්වයක් හට ගත් දා රාත්‍රී කල්එළිය හිරිවල වාහන ගාල් කර තිබූ ව්‍යාපාරික ස්ථානයකට පහරදී රුපියල් ලක්ෂ තුන්සීයක අලාභයක් සිදු කොට ඇති බව කියන සිද්ධියක් සම්බන්ධව සැකකාර පාපන්දු ක්‍රීඩා පුහුණු උපදේශකවරයකු  17 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ජයසේකර රණසිංහ මහතා නියෝග කළේය.

මීරිගම පදිංචි කේ ඒ දමිත් ලහිරු කන්නන්ගර නැමැත්තෙකු එසේ රිමාන්ඩ් කැරිණි.

කොළඹ ගාලු මුවදොර සහ අරලියගහ මැදුර ඉදිරිපිට නිර්පාක්ෂික විරොධතාකරුවන්ට පහර දීමේ සිද්ධිය වූ ඉකුත් 09 වනදා රාත්‍රී විශාල පිරිසක් හිරිවල වාහන ගාල් කර තිබූ ව්‍යාපාරික ස්ථානයකට කඩා වැදී පහරදී රුපියල් ලක්ෂ තුන්සීයක පමණ අලාභයක් සිදු කොට ඇති බව කියන සිද්ධියක් සම්බන්ධව පල්ලෙවෙල පොලීසිය පරීක්ෂණ පවත්වා සැකකාර පාපන්දු‍ ක්‍රීඩා පුහුණු උපදේශක වරයා අත් අඩංගුවට ගෙන තිබිණ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පල්ලෙවෙල පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් ජී.පී.ඒ කුමාර මහතා කරුණු දක්වමින් පසුගිය 09 වනදා රාත්‍රී පිරිසක් වාහන ගාල් කර තිබූ ස්ථානයට කඩා වැදී පහරදීම් සිදු කොට රුපියල් ලක්ෂ තුන්සීයක පමණ අලාභයක් සිදු කොට ඇති බව කියා සිටියේය.

 



අදහස් (1)

කල්එළියේ ව්‍යාපාරික ස්ථානයට පහරදුන් ක්‍රීඩා උපදේශක රිමාන්ඩ්

ජුනයිඩ් Sunday, 15 May 2022 09:14 PM

පෙරටුගාමීන් සහ ජෙප්පන් නිර්පාක්ෂික වුනේ කොහොමද?

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 245 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 436 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 178 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site