
(කාංචන කුමාර ආරියදාස)
ධාතුසේන රජතුමා විසින් අතීතයේ කළ බව කියන කලා සහ බළලු වැව ආසන්නයේ රජයේ රක්ෂිතයේ ඇති මහ ගස් කොළන් කපා ඩෝසර් කර එළිපෙහෙළි කිරීමේ ක්‍රියාවලිය මේ දිනවල සිදුවෙමින් පවතින බව ප්‍රදේශය බාර වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.
ප්‍රාදේශීය ලේකම් සහ පලාගල ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් දික්ඇදියාව හා බළලු වැව ප්‍රදේශයේ රජයේ ඉඩම් අත්පත් කර ගැනීමට වන අලින් ගමන් ගන්නා මාර්ග පිහිටා ඇති ඉතා වටිනා ඉඩම් විනාශ කරන බව ද මේ නිසා සතුන්ට ද බරපතල ප්‍රශ්නයක් සිදුවෙමින් පවතින බව ද වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.
බළලු වැව හා දික්ඇදියාව ඉස්මත්තේ අලි මංකඩ මේ වන විටත් විශාල භූමියක් ඩෝසර් දමා සුද්ධ පවිත්‍ර කර ගිනි තබා තිබේ. එමෙන්ම එහි තිබූ වටිනා ගස් කොළන් වැල් ආදී යන්ත්‍රසූත්‍ර දමා කපා ගස් කුට්ටි කර ඇති අයුරු දැක ගැනීමට හැකිවිය.
මෙම රක්ෂිතය එළි පෙහෙළි කරන ආසන්නයේම තවත් පිරිසක් පලාගල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබාදුන් බව පවසමින් යම්කිසි ඉදිකිරීමක් සිදු කරමින් සිටින අයුරුද වනජීවී නිලධාරීහු පෙන්වා දුන්හ.එම ඉදිකිරීම සිදුකරමින් සිටින පිරිස ගෙන් කියා සිටියේ මෙම ඉදිකිරීම් කරන ස්ථානයේ අක්කරයක පමණ ඉඩම් භූමියක් ප්‍රාදේශීය සභාව මගින් ගම්මුන්ට සොහොන් භූමියකට ලබා දී ඇති බවය.කෙසේ වෙතත් රජයේ රක්ෂිතය විශාල වශයෙන් එළි-පෙහෙළි කරන ඩෝසර් කරන ගස් කොළන් කපා දමන්නේ කවුරුන්ද යන්න තමන් ඇතුළු කණ්ඩායම නොදන්නා බව ඔවුහු පෙන්වා දුන්හ.
මෙම ස්ථානයේ කාලයක් තිස්සේ ඉතා ඝනව වැඩී තිබූ වනාන්තරයේ තිබු කොහොඹ ගස් කපා මේ වන විටත් ප්‍රධාන කඳ කොටස් රැගෙන ගොස් ඉතිරි දැව කොටස් යන්ත්‍රසූත්‍ර දමා කුට්ටි කර රැගෙන යෑම සඳහා සූදානම් කර ඇති අයුරු ද එහි ගිය අපට දැක ගැනීමට හැකි විය.
අවට පදිංචි පිරිසක් බව කියූ කණ්ඩායමක් කියා සිටියේ මෙම ස්ථානයේ සිදුකෙරෙන මහා පරිසර විනාශයන් නීතිවිරෝධී ක්‍රියාවලි පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරයා පොලීසිය ග්‍රාම නිලධාරී ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවා දැනුම් දුන්නද රජයේ නිලධාරීන් කිසිදු අවදානමක් නොගන්නා බවය.රජයේ රක්ෂිත වෙනත් කණ්ඩායමක් අල්ලා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන බව ගම්මු පෙන්වා දුන්හ.
මෙම මහා පරිසර විනාශය ඉඩම් අත්පත් කර ගැනීමේ ජාවාරම පිළිබඳව පලාගල ප්‍රාදේශීය ලේකම් අතුල බණ්ඩාර සෙනරත් මහතා විමසීමේ දී කියා සිටියේ තමන් වහාම මේ පිළිබඳව සොයා බලන බවය. කිසිදු ඉදිකිරීමකට හෝ ඉඩම් අත්පත් කරගැනීමට හෝ අවස්ථාවක් ලබාදී නැති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියත් මග සංවිධානයේ වැඩ...
මේ ආණ්ඩුව යන්නෙත් 2010දී බලයට පත්වෙලා විල්පත්තුව විනාශ කරන්න සියලු පාර්ශවයන්ට සහාය වූ පාරෙමයි. අපි හිතුවා අලුත් ජනපතිතුමා ඇවිත් ඒ කරපු පහත් ක්‍රියාවන්ට තිත තියලා ස්වභාව ධර්මයයි, වනජීවීනුයි ගැන නැවුම්ව හිතයි කියලා. බලාගෙන යනකොට ඔක්කොම එකයි. මේ ආණ්ඩුවත් පැවති යහපාලන ආණ්ඩුව වගේම රට වනසයි වගේ. බලාගෙන යනකොට දැන්නම් මේ ලංකාවේ විශ්වාස කරන්න පුළුවන් කිසිම දේශපාලන පක්‍ෂයක් හෝ පුද්ගලයෙක් නැහැ. රටේ පැවැත්ම දරුණුවටම බිඳ වැටිලා තියෙන්නේ....
ධාතුසේන මොන රජෙක්ද? දැන් ඉන්නේ දුටුගැමුණුගේ සෙට් එකනේ...
රෙස්පෙක්ට් යූ 'සර්'...
මුඛ වාඩම් බැඳගෙන මීටරයක දුරින් සිටගෙන සීරුවට දුන් කතිරයේ ප්‍රතිඵල උපනූපන් දරුවන් අනාගතයේදී භුක්ති විඳිනු ඇත. කතාවම පොහොට්ටු සුවඳයි. ඒ සුවඳ කාලිංග මාඝ පරදවා පෙනෙන නොපෙනෙන මානයේ දැනේ...
ධාතුසේන රජතුමා වගේද දැන් ඉන්න රජවරු...? දැන් මේ වැද්දෝ ටිකක් බිහිවෙලා රට තාලෙට පාලනය කරගෙන යනවා.
එදා ධාතුසේනලා රට ගැන හිතුවට අද ඉන්න නන්දසේනලා රට ගැන හිතන්නෑ..
ගස්, ගල්, වැලි, පස් අධික ලාභයක් ලැබිය හැකි ස්වාභාවික සම්පත්, කුඩු ව්‍යාපාරය හැරුණු විට ලාබ ලැබිය හැකි ව්‍යාපාර... මේ රට බිහි වූ කිසිම දේශපාලකයකු අනාගතය ගැන සිතන්නේ නැත. ඔවුන් කොච්චර කයිය ගැහැව්වත්, ගම සමග මොන පිළිසඳරේ යෙදුණත්, ස්වභාවික සම්පත් ගැන, පරිසරය ගැන ඔවුන්ට කිසිඳු දැනුමක්, සංවේදී බවක් නැත. රටේ අනාගතය පිරිහෙන බව පෙන්වන ප්‍රධාන නිර්ණායක වන්නේ ස්වභාවික සම්පත් විනාශයයි.
සර්ට ජයවේවා...!!! මේවා තමයි මෝඩ 69 පැතුම...
රටේ තණකොළ ගහකට වත් හානියක් වෙන්න දෙන්නේ නැහැ කියලා ආපු උදවිය. දැන් කොච්චර වනාන්තර, පුදබිම් විනාශ කළාද මහ දවාලේ...?
තවත් ඡන්ද ප්‍රතිඵලයක්... තව කපලා ඩෝසර් කරමු...
ගමක් සමග පිළිසඳරක් , ගසුත් සමග තද වෛරයක්...
මේක තමයි නියම සංවර්ධනය...
හෙන වදින්න ඕනෑ කරපු අයට... ඕවාගෙන් හම්බකරලා කනවා නම් පවුලටත් එක්කම...
ඉතිහාසයේ සිදුවූ විශාලතම පරිසර සහ පුරාවස්තු හානිය සිදුකෙරෙන්නේ මේ යුගයේදීය.